Chapter 45

283 71 39
                                    

මන් ගවේෂ් අයියා එක්ක ආපහු ගල් බැම්ම දිහාවට දුවගෙන යනකොට එතන වෙනම මල කෙලියක්.. සිප්පි අක්කා හොදටම අඩනවා.. එයා අඩන දිහා සැගා අයියා හෙනට කන්ෆියුස් වෙලා බලන් ඉන්නවා.. සැගා අයියනම් වචනයක් වත් කියන්න බැරි තරමට ගොළු වෙලා වගේ.. කොහොමත් සිප්පි-සැගා ප්‍රේම වෘතාන්තය මුළු කැම්පස් එකේම නම ගිය එකක්.. මොකද කව්රු කව්රුත් කිව්වේ කොට්ටොරුවා කෙහෙල් ගහටම කොටලා කියලා.. සිප්පි අක්කා කියන්නේ ඒ තරම් ගිනි බෝම්බයක්.. ඇරත් එයා තමා මෙතෙක් කාලයක් සැගා අයියා රන් කරපු සුපිරිම කෑල්ල- (කියලා තමා කැම්පස් එකේ හැමෝම කියන්නේ).. ඇත්තටම මම ඒ අක්කගේ හරි නම නම් දන්නෑ මොකද ඒ නමින් තමා අපිත් අහලා තියෙන්නේ.. ඇවිදින්නෙත් වෙන්න මිස් වර්ල්ඩ් වගේ.. දැන් ඉතින් මිසිස් වර්ල්ඩ් තමා ට්‍රයි කරන්න වෙන්නේ..

"මොකද සීන් එක"

"ලෙඩක් වගේ ගවී"

"ප්‍රෙග්නට් සීන් එක මොකක්ද?"

"එහෙම තමා කියන්නේ.. මන් ඕක කරනකොටම කිව්වා ලෙඩ ගොඩක් පරිස්සම් වෙයන් කියලා.. දැන් හරිනේ"

ජේඩ් අයියාට මලම පැනලා හිටියේ.. තිවාන් අයියත් බලාගෙන ඉන්නවා අර දෙන්නා දිහා.. තුන් දෙනාටම කරගන්න දෙයක් නෑ වගේ.. මේ හරියේ වෙලාවට අපි ටික විතරයි හිටියේ. හැබැයි මේ සීන් එක දිහා අපි වගේම කොනක ඉදලා සිප්පි අක්කා එක්ක ආව අනික් අක්කලා සෙට් එකත් බලාගෙන ඉන්නවා.. ඒ ටිකම ඇති හෙට පත්තරේ වැටෙන්න.. එයාටම ගැලපෙන යාළුවෝ සෙට් එක.. මට පුදුමේ ප්‍රෙග්නට් වෙලාත් හයි හීල්ස් දාගෙන අර වගේ පොළෙවේ අඩිය ගහන්න බය නැද්ද කියලා.. ඔක්කොම නාඩගම් අස්සේ මන් ෂේප් එකේ පවිරුටයි මඩයටයි කිට්ටු උනා..

"මේ සිරාවටම ප්‍රෙග්නට්ලු ද පව්වා"

"එහෙම තමා කිව්වේ"

සිප්පි අක්කා සුදු පාට ස්ටික් එකක් සැගා අයියට වන වන මොනවදෝ කිය කිය අඩනවා.. එයාලා චුට්ටක් ඈතින් ඉන්න නිසා කියන  දේවල් ඇහෙන්නෙත් නෑ.. මෙතෙන වෙන දේවල් ගස් වලට වැහිලා නිසා හොදයි.. ඒත් පේන්නෑ නෙවේ දැනටමත් ඕක සිකුරිටි එකෙමුත් දන්නවා ඇති.. අපේ කැම්පස් එකේ තරම් වේගෙන් අරලිය ගහ මන්දිරේවත් සන්නිවේදනය ස්පීඩ් නෑ.. මොනවා නැතත් සැගා අයියා ඕක කරගන්න තමා ඔච්චර නැටුවේ.. දැන් ඉතින්  කිරි සිහින සැබෑ වෙයි ඩිග්‍රිය අතට ගන්න කලින්..

SITHTHARA | ONGOINGWhere stories live. Discover now