Chapter 23

318 72 29
                                    

මන් වොෂ් රූම් එකට රිංගලා කොමඩ් එක වහලා පියන උඩ ඉදගෙන පුළුවන් තරම් මාව කන්ට්රෝල් කරගන්න බැලුවා... ඕනවටත් වඩා මට කේන්ති ගිහාම මාළුවෙක් ගොඩදැම්මා වගේ මාව වෙව්ලනවා.. ඒක පොඩි කාලේ ඉදලම එහෙමයි..  මන් අත් දෙක ඉස්සරහට අරන් බැලුවා.. කුඩු නැති සික් කාරයෙක්ගේ වගේ.. මන් කොච්චර අත් දෙක එකට තද කරලා මිරික ගත්තත් වෙව්ලන එක නැවතුනේ නෑ.. ඒක ලේසියෙන් එහෙම නවතින්නෙත් නෑ.. මේකත් වෙලාවකට මහා කරුම ලෙඩක්..

මට ඒ අස්සේ ඇඩෙන්න වගේ.. එහෙන් ඉදුවරයගේ මල කරදරේ.. ඌත් මාව මොකක් හරි විදිහකින් අල්ලන් එල්ලෙන්නමයි හදන්නේ.. හේතු නැත්තං ඌ හේතු හදනවා.. කාලයක් සද්ද නැතුව ඉදලා එකපාරටම මොකක් හරි මගුලක් උස්සන් එනවා.. අනික් පැත්තෙන් අර රංජියා එක්ක ප්‍රශ්නයක් දාගෙන බේරුනා විතරයි.. එහෙන් එක්සෑම් එනවා.. මට ඒක ගානක්වත් නෑ තාම... අලි මදිවට කොටි කියලා දැන් අලුත් ප්‍රශ්නයක්... බිල්ඩින් ගවේසාන්..

මට කවදාවත් මේ ප්‍රශ්න වලින් පැනලා යන්න බැරි වෙයිද දන්නෑ? තනි මන් කොච්චරක් කියලා මේ දේවල්  ඉවසන්නද..? ඇයි මේ ප්‍රශ්න වල ඉවරයක් නැත්තේ...? කී දාහක් දේවල් මන් හිතේ හිරකරන් ඉන්නද..? තවත් මන් මේ දේවල් හන්ගං ඉන්න ඕනිමද..?  හැමෝම ගැන හිතලා මන් කොච්චර කල් මේවා හංගන්නද..?

එක්කො මන් ඉදුවරගේ ඇත්ත හැමෝටම කියනවද.?මනුස්සයෙක් ඔලුවට අත හෝදනකම් කට වහන් ඉන්නව කියන්නේ සාමාන්‍යයෙන්  කොල්ලෙක්ට නෙවේ කාට උනත් ඒක කරන්න අමාරු දෙයක්.. ඒ පරයා නිසා මන් මෙච්චර කාලෙකට පුළුවන් තරම් ඉවසලා ඇති.. ඒ කියලා මන් තව කොච්චර ඉවසන්නද.. මේ ජරා පක්කු ඔක්කොම එක වැර අල්ලලා බෙල්ල මිරිකලා- ශිට්...!!! 

මෙච්චර කල් මන් සද්ද නැතුව හිටියනේ.. බලාගෙන ඉදපං ඉදුවර.. කොකාට වාරයක් එනවා වගේම තිත්තයත් වාරයක් එනවනේ.. අන්න එදාට අපි බලමු..

මන් ඉක්මනට මූණ දෙපැත්තේ බේරෙන කදුළු කමිස උරහිස දෙපැත්තේ පිහා ගත්තා.. අත් දෙක වෙව්ලන ගතියත් ටික ටික අඩු උනා.. මන් එහෙම්ම නැගිටලා දොර ඇරගෙන ඇවිත් සින්ක් පෝලිම ලගට ඇවිදගෙන ආවා.. ඒ අස්සේ එකදිගට පවිරුගෙනුයි, මඩයගෙමුයි, ගෙමිදුවගෙමුයි, අර සේව් කරපු නැති නම්බර් එකෙනුයි දිගට හරහට කෝල් එනවා.. මට දැන් ඒ එකක් වත් ආන්සර් කරන්න තරම් මූඩ් එකක් නෑ.

SITHTHARA | ONGOINGWhere stories live. Discover now