Chapter 01

1.2K 90 32
                                    


"ක්හෑ° ක්හෑ°හ්ම්හු ක්ම්හ්"

පපුවත් කාරගෙන ආව කැස්ස කොච්චර දරුණුද කිව්වොත් මගෙ ඇස් වලට කදුළුත් අවා.. දවස් ගානක් මලමගුල් කක්කල් කැස්සක් හැදිලා හරි සනීපයි මට... මම එහෙම්ම කොරවක්කෙක් වගේ දෙකට නැවිලා කකුල ලග තිබ්බ වතුර බෝතලේ අරන් බීගෙන බීගෙන ගියා... උගුර පාලාගෙන ජල දහරාවක් මගේ බඩට සේන්දු මාන්දු උන නිසා ෂේප් වගේ... එක දිගට සීතලේ නාපුවයේ ප්‍රතිපල තමා...

අදවත් පිරිටන් පෙත්තක් ගහන්න ඕන.

ආයෙත් හොදට ස්ටූල් එකේ හරිබරි ගැහිලා ඉදගෙන මන් කැන්වස් බෝඩ් එකේ ඇදපු ඩ්‍රෝවින් එක අදින්න ගත්තා... මන් ආසම තීම් එක්කට වැඩක් සෙට් උනේ කාලෙකින්...
හිස්ටෝරිකල් ඩ්‍රෝවින්ස්!!!
හොටෙල් එක්කින් කනාවට සෙට් උන චාන්ස් එකක්. මේවා හැමදාම හම්බෙන්නෑ.

මේ වෙලාවේ මගේ මුලු කාමරේම තනි මෙස් එකක්. දැන් විතරක් නෙවේ කෝමත් මේක ගුබ්බෑයමක් තමා. බාගෙට ඇන්ද ඩ්‍රෝවින්ස්, කැන්වස් බෝඩ්ස්, තීන්ත ටියුබ්ස්, ටූල්ස්, ගුලි කරපු කොලකෑලී හැම තැනම. බිත්තිය පුරාම අලවපු ඩ්‍රෝවින් කොළ නිසා කාමරේට නිකන් තිබ්බේ දැන්වීම් අලවපු තාප්පෙක ලුක් එකක්. අනේ හරිම බිතුසිතුවම් ජනකයි. මේ ගුබ්බෑයමේ ඕනිම තැනක ඇවිදලා බැලුවොත් අඩියක් අඩියක් ගානේ බිම මොනවහරිම වැටිලා තියෙනවා හොයාගන්න පුළුවන්. පැන්සල් පෑන් හැමතැනම. ටයිල් බිම නම් ගන්න දෙයක් නෑ ඒක පුරාම තීන්ත පාරවල්. අස් කරා කියලා වැඩකුත් නෑ ඉතින් උපරිම දවසයි දෙකයි. ඇත්තම කිව්වොත් මතක ඇති කාලෙක මන් රූම් එක අස් කරලත් නෑ.

''ඩග්... ඩග්...ඩග්....ඩග්"

ඒත් එක්කම මගේ ලෑලි දොරට මොකෙක් හරි එකෙක් නොනවත්වා තට්ටු කරනවා ඇහුන ගමන් මන් එහෙම්ම වැඩෙත් පැත්තක දාලා, පැන්සලත් ඒප්‍රන් පොකට් එකට දාගෙන ස්ටූල් එක පස්සට කරලා හිමීට නැගිට්ටේ පිටිපස්සේ ගොඩගහලා තිබ්බ කැන්වඩ් බෝඩ් වැටෙන්නේ නැති වෙන්න පරිස්සමට.
දෙයියනේ කියලා ඒ ටික පරිස්සම් කරගන්න ඕනි ඔක්කොටම වඩා. ඔව්වා ගිනි ගණන් දැන්.

එකදිගට පැය තුනක් ඉදන් ඉදලා නැගිට්ට නිසා එකපාරටම කැරකිල්ලක් වගේ ආවත් මන් එහෙම්ම ඔලුව දෙපැත්තට ගසලා හරි සිහියට ආවා. හතලිස් ඇදිරිය මට අවුරුදු 22 න්ම ඇවිත්. කොන්දට නිකන් පොල්ලෙන් ගහලා වගේ. පස්චත් බාගේ ගැන නම් ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ.

SITHTHARA | ONGOINGWhere stories live. Discover now