Chapter 27

303 65 38
                                    

එදා මන් පවිරුගෙන් අම්බානක ගුටි කෑවා.. මොකද ඌ මාව සැක කරා.. ඌ හිතුවේ මන් ගවේස් අයියට නෙලලා ඇවිල්ලා කියලා.. ඇරත් මන් උඩ බලන් ගිහින් බිත්තියේ ඔලුව වද්දගෙන එතන ගෙඩි ගැහිලා තිබ්බේ.. අර දූවිලි ගොඩේ ඉදගෙන හිටිය නිසා ඇදුමත් ජරා වෙලා පොඩි වෙලා තිබ්බේ.. එක අතකට සැක හිතෙන එක සාදාරණයි..  ඊට පස්සේ මන් එපා කියද්දිම ගිහින් ගවේෂ් අයියා හම්බෙලා මොකද උනේ කියලා අහලා තිබ්බා.. මොනවා කිව්වද දන්නෑ ඊට පස්සෙනම් කට වහන් හිටියා.. යාළුවාව විස්වාස නැති පාප මිතුරා..

කෝම හරි දවස් දෙකක් යනකොට අපිට එක්සෑම් එකට ඇඩ්මිෂන් ආවා.. ඒක අතට ගත්තම එන එක්සෑම් ෆීලීන් එක නිසා අපි පිස්සු නටන එක සම්පුර්ණයෙන්ම නවත්තලා ඇකඩමික් වලටම ෆෝකස් කරා.. වෙනදට ඕපන් එකට ගිහින් සෑහෙන වෙලා බුල කෙල කෙල හිටියට අන්තිමට එතෙන්ට ගියේ කන්න විතරයි... අපේ කොල්ලො ටික කොමන් එකේම අරක්ගෙන හිටිය නිසා කෑම බීම සම්බන්ධයෙන් කෙල්ලොන්ගෙන් අපිට සෑහෙන සපෝර්ට් එකක් හම්බුනා... හැබැයි ඒ දවස් ටිකේ හරියට අපිට  නිදාගන්නනම් බැරි උනා...

මේ පාර මටනම් පවිරුවගෙන් බේරෙන්න හම්බුනේ නෑ.. මොකද ගිය පාර මිඩ් එකේ මට මාර්ක්ස් මදි වෙලා තිබ්බ නිසා මගේ GPA එක යම්තාක් දුරට බැහැලා තිබ්බේ.. මට ස්පෙෂල් එක කරන්න බැරි වෙයි කියලා ඌ සෑහෙන බයෙන් ඉන්නේ.. ඒ නිසා මන් උගෙන් ගුටි කකා ටොකු කකා නිදිමරාගෙන වැඩ කරේ.. මඩයනම් කෝමත් වැඩ්ඩනේ ඌ ගැන වැඩිය හොයලා බලන්න දෙයක් තිබ්බේ නෑ.. පොඩි ඇටයත් ඇකඩමික් වලින් මට වඩා ඉස්සරහින් හිටියා.. එතකොට මම තමා ගොනා.. පවිරුවට මාව පෙනුනේ අත උස්සලා කැම්පස් ආවා වගේ...

එදා සිද්දියෙන් පස්සේ මටයි ගවේෂ් අයියටයි වැඩිය හම්බෙන්න උනේ නෑ... එයාලට අපිට කලින් එක්සෑම් පටන් ගත්තා.. ඩීල් එකක් ගැහුවත් හරි අපි එක්කෙනාට එක්කෙනා දැක්කෙත් කලාතුරකින්.. එකත් ඕපන් එකේදි නැත්තං වොෂ් රූම් එක පැත්තෙන්... එකපාරක් මන් දැක්කා අතේ ලොකු ප්ලාස්ටර් එක්කුත් ගහගෙන ඉන්නවා.. එක්සෑම් අස්සේ මොන නාඩගමක් නටලද දන්නෑ.. ඩයල් එක මාව කොහෙ දැක්කොත් අනිවාරෙන්ම හිනා වෙනවා.. මන් නම් ඉක්මනට රවලා අහක බලා ගන්නවා.. මොකද කාව උනත් ඕනවට වඩා ඔලුවට ගන්න හොදනෑ කියන මතේනේ මන් හිටියේ.. ඒ උනාට මන් කොච්චර රැව්වත් ඒ මිනිහට ගානක් වත් නෑ..

SITHTHARA | ONGOINGWo Geschichten leben. Entdecke jetzt