Chapter 40

331 79 64
                                    

"මොකද හලෝ ඔයාලා කෑ ගහන්නේ? මොකක්ද කුඩු උනේ?

මහා දිත්ත්ව සංග්‍රාමය මැද්දට සැගා අයියගේ පිටිපස්සෙන් ගෙමිදුවා බිත්තරයක් වගේ ඇවිදගෙන ආවා.. ස්ථාන පරීක්ෂක තුමා වගේ ඌ තුන් දෙනා දිහා මාරුවෙන් මාරුවට බලනවා.. ඇත්තටම බලන්නම වටිනවා..

මම ඇද්ද පාර ගවේෂ් අයියගේ කොණ්ඩේ ඇවිස්සිලා ෂර්ට් එකත් පොඩ්ඩක් ඉරිලා.. මම බාච්චුව වගේ ඇදන් හිටිය අලි පත ෂර්ට් එක කරෙන් පල්ලටම වැටිලා.. සැගා අයියා හයියෙන් හුස්ම ගන්න ගමන් කේන්තිය පාලනේ කරගන්නවා.. යුද්ධයක අවසානේ වගේ.. මන් ඉක්මනට උගුර පාදලා කොණ්ඩේ හදාගත්තා.. ඇහුනද දන්නෑ කියපු දේවල්..

"මේ මග් එකක් නේද?"

ගෙම්බා බිම වැටිලා තියන මග් එකේ කෑල්ලක් අල්ලන්න යනකොට සැගා අයියා පැන්න ගමන් ඌව අතින් ඇදලා පස්සට කරා..

"මොලේ හොද නැද්ද?? injured වෙයි"

"ඉන්නකෝ අනේ.. මට මේ මග් වගේ එකක් දැකලා හුරුයිනේ"

පස්සට ඇදිලා ආව ගෙම්බා සැගාගෙන් අත ගසලා වගේ අරගෙන දෙකට තුනට නැමිලා මග් එකේ කෑලී ටික ඇස් වලින් එකතු කරනකොට මාත් හොදට බැලුවා... ඔව්මයි දැකලා පුරුදුයි.

"ඒයි මේ පෘථිවි මේ වගේ මග් එකක් නේද මේ අවුරුද්දේ මගේ බර්ත්ඩේ එකට හම්බුනේ.. අර ගාර්ෆීල්ඩ් හිටියේ.. මේකත් ඒකම තමා"

"අර නෝ නේම් ගිෆ්ට් එකද?

මන්  ඔලුවත් කස කස කල්පනා කරද්දි මතක් උනා.. ඔව් නේන්නම් ඒක වගේමයි.

"ඔව් ඔව් ඒයී.. ඒක වගේම තමා.. මගේ ආසම කාටුන් මග් එක"

"ක්හ්ම්.. තමුසෙලා- මේ ක්ලීන් කරනවා හරී මේ... අපි මේ... යමු ගෙමිදු"

සැගා අයියා එකපාරටම මොකක් හරි මතක් වෙලා වගේ කලබලෙන් ගෙමිදුවත් ඇදගෙන යන්න හැදුවා.. මන් බැලුවේ බිම තිබ්බ මග් එක දිහා.. කෑලී කෑලී හැමතැනම.. ගෙමිදුවාගේ බර්ත්ඩේ තිබ්බේ එක ජනවාරි පළවෙනිදා.. එහෙම බැලුවම ඉතින් ඌ අපිටත් වඩා අවුරුද්දක් බාලයි... බැජ් එකේ කිරි කැටියා.. බර්ත්ඩේ එක දවසේ අපේ බැජ් එකේ උන් සෙට් එකම එදා උගේ ගෙදර ගියා.. මම තමා රෑ එහෙ ඉදලා උගේ ගිෆ්ට් ඔක්කොම කැඩුවේ.. එතනත් මේ වගේම ගාර්ෆිල්ඩ් මග් එකක් තිබ්බා.. උගේ ආසම කාර්ටූන් එක තමා ඒක.. ඒත් from whom තිබ්බේ නැති නිසා අපිට හිතාගන්න බැරි උනා කාගෙන්ද කියලා.. ඒ කියලා එක එකාගෙන් අහන්න ඈ..
හැබැයි ගැලපෙනම ගිෆ්ට් එක උට.. තිබ්බ ගිෆ්ට් ඔක්කොටම වඩා ඌ ආස උනේ ඒකට.. මන් ඕකට චාකෝල් පෙන්සිල් සෙට් එකක්ම දුන්නා... ඒත් පගයට ලොකු උනේ අර කොහෙවත් යන ගාර්ෆිර්ඩ් මග් එක.. පොර ඔය කියන කාටුන් එක ටිවී එකෙනුත් බලනවා යූ ටියුබ් එකෙනුත් බලනවා දෙපාර දෙපාර.. අනික ඒකෙ තියෙන සමහරක් ඩයලොග්ස් උට කටපාඩම්..

SITHTHARA | ONGOINGWhere stories live. Discover now