Chapter 17

295 75 26
                                    

"තමුසෙලා මොකද ඔය කරන්නේ?"

මෙයා කොහෙද මෙහෙ.....?
මුළු පලාතටම ඇහෙන්න කෑ ගහගෙන ආව ගවේෂ් අයියා එතන ඉන්න එක එකා දිහා මරන් කන්න වගේ බලාගෙන ගියා. ඒ බැල්මට් එකටනම් මටත් චුට්ටක් බය හිතුනා. සීන් එකට එන්ටර් උන ටැමිල් ෆිල්ම් එක්ක නළුවෙක් වගේ...
මොනවා නැතත් මටනම් දෙයියෝ බැලුවා වගේ ඈ... කෑ ගහලා දුවන් ඇගට පනින්න හිතෙනවා. අද නම් සුපිරි ගුටි පූජාවක් ලයිව් බලාගන්නත් පුළුවන් වෙයි වගේ. පවිරු ඉන්න තිබ්බේ මෙතන.
ඔවානම් වීරයෙක් අයියේ....!!!

මට තාම හිතාගන්න බෑ මෙයා මෙතනදි මාව කොහෙන් කොහොම හොයාගත්තද කියලා. ඒත් එක හිතන්නවත් වෙලාවක් නෙවේ මේක. මන් පොඩ්ඩක් අතත් කුනිත්තලා බැලුවේ මේක හීනයක්ද බලන්න.
නෑ බොල රිදුනා මට ..!!!
ඩයල් එක බ්ලූ කලර් ස්පෝට් ෂර්ට් එක්කට ඒ පාටින්ම කොට ෂෝටක් ඇදලා බ්ලැක් කලර් ශූස් දෙකක් දාලා නලල මැද්දේ හෙඩ් බෑන්ඩ් එක්කුත් දාගෙන හිටියේ.

එතකොට මෙයාගේ තමා මේ පියාබලා ආව රැකට් එක.

"තමුසෙත් එක්ක මෙතන ගනුදෙනුවක් නෑනේ මල්ලේ. ආව පාරෙන්ම හැරිලා යන්න පුළුවන් ...."

ඒත් එක්කම මගේ පස්සෙන් පන්නං ආව පෙන්දෙක් වගේ කොල්ලෙක් ගවේෂ් අයියට ඇගිල්ලක් දික්කරගෙන ඉස්සරහට ගියා. අනික් උන් ටික ඉන්නවා ඉනටත් අත තියාගෙන කවුද අඩේ මූ වගේ. පාඩුවේ මිනියක් මරාගන්න දෙන්නැතුව මැදින් පනිනකොට කාට උනත් මල පනිනවනේ.
හැබැයි අනපේක්සිත ලෙස ආව නිසා ලාවට වගෙ මුන් ටික පොඩ්ඩක් බය වෙලත් වගේ...මට දැන් ඉවසිල්ලක් නෑ මුන් ටික කනවා බලන්න. දෙන්න අයියේ රම්පෙට පොරි හැලෙන්නම....
ගවේසාන් අයියා කින්ඩි හිනාවක් දාගෙන කියවන් ආව පෙදි කොල්ලාගේ කේෂාන්තයේ සිට පාදන්තය දක්වා බැලුවා.
ඊටපස්සේ ඌව සතේකටවත් ගණන් ගන්නේ නැතුව දාහකට ගහන්න වගේ උගේ උරහිසේ හැපීගෙන මන් ලගට ඇවිත් මූණ ඉස්සරහා නැවතුනා.
මෙයාගෙනම් බයක් ගෑ...වීලාවත් නෑ....
ඔවානම් සැබෑම වීරයෙක්...!!!
මේ වෙලාවේ මන් විතරක් නෙවේ මාව අල්ලගන්න පස්සෙන් ආව අහිංසක මැරයෝ ටිකත් දැන් කන්ෆියුස් වෙලා ඉන්නේ.

"මන් තුනට කවුන්ට් කරන්නම් තුන කිව්ව ගමන් දුවමු"

මට වැරදිලාද ඒක ඇහුනේ....
ගවේෂ් අයියා මගේ මූණ ඉස්සරහට ඇවිත් අරුන්ට ඇහෙන්නැති වෙන්න කුටු කුටු ගාලා එහෙම කියද්දි මගේ මූණ හරහට ඇද උනා. යකෝ බාහුබලී වගේ නේද උබර් ආවේ අයියේ.....????

SITHTHARA | ONGOINGWhere stories live. Discover now