Chapter 12

338 77 19
                                    


"අහ්ම්ම්.. මගේ ඔලුව"

ඔලුව පුපුරන්න වගේ. මන් නින්දෙන්ම කොණ්ඩේ දෙපැත්තට ඇදගත්තේ ඔලුවේ කැක්කුම එන්න එන්න වැඩි වෙන නිසා. ඇස් දෙකත් අරින්න අමාරුයි එකට ඇලිලා වගේ. ඒ නිසා මන් පිටි අල්ලෙන් ඇස් දෙකත් පොඩි කරගන්න ගමන් අමාරුවෙන් ඇදේ කෙලින් උනා. ඇගපතත් රිදෙනවා දහදෙනෙක්ගෙන් ගුටි කාලා වගේ. බොද වෙච්ච ඇස් දෙකෙන් ටිකෙන් ටික දර්ශන පථය පැහැදිලි වෙනකොට මට තේරුනා මේ ඉන්නේ බොඩිමේ නෙවේ කියලා. මන් තාමත් ඉන්නේ ඊයේ ඇදුමෙන්. මතක විදිහට මන් ගෙමිදුව හොයන් එළියට ගියා. ඒත් එතනින් එහාට කිසි දෙයක් මතක නෑනේ.

"මේ කොහෙද මේ"

මන් හිටියේ ලී වලින් හදපු සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ රූම් එක්ක. මේක මට වඩා උපරිම අඩි කීපයක් උස ඇති. බිත්තියේ එක පැත්තක් වැහෙන්නම සුදු පාට කර්ට්න් එකක් දාලා තිබ්බේ. මුළු රූම් එකටම තිබ්බේ මේ බෙඩ් එකයි, පොඩි කබඩ් එක්කුයි, ටේබල් එක්කුයි ගිටාර් එක්කුයි විතරයි. ටේබල් එකේ මොනවද පොත් වගයකුයි වතුර බෝල් එකක් එක්ක ටවල් එක්කුත් තියෙනවා. රූම් එකටම තිබ්බේ එකම වින්ඩෝ එකයි. බ්ලැක් කලර් ගිටාර් එක ඇරෙන්න මෙතන තියෙන බඩු හැමදේම සුදු පාටයි. ටේබල් එකට අඩියක් විතර උඩින් වෝල් එකේ තිබ්බේ වැන්ගොගේ Starry Night ඩ්‍රෝවින් එක. හැබැයි ඒක ටිකක් පරණ පාටයි. නිකන් දැකලත් හුරුයි වගේ. හරිම calm vibe එකක් තියෙන්නේ.

මන් එහෙම්ම ඩුවට් එක අයින් කරලා ඇදෙන් නැගිට්ටා. කකුල් දෙක බිමින් තියනකොට දැනුනේ පුදුමාකාර සීතලක්. බිමත් ලීයෙන් හදලා තියෙන්නේ. මේ රූම් එකේ කොහෙවත් මිරර් එකක්වත් නෑ. මන් එහෙම්ම ඉස්සරහට ඇවිදගෙන ගිහින් බාගෙට ඇරලා දාලා තිබ්බ ඩෝ එක ඇරගෙන රූම් එකෙන් එලියට ආවා.

එලියට ආවම තිබ්බේ ලිවින් ඒරියා එකක්. මේක තනිකරම ලීයෙන් හදපු ගෙයක්. ලිවින් ඒරියා එකත් අර රූම් එකම තරම්ම මිනිමලයිස් විදිහට ඩිසයින් කරලා තිබ්බේ. වයිට් කලර් සෝෆා එකක්, මාළු ටැංකියක්, බිමට දාපු වූල් කාර්පට් එකක්, බැඩ්මින්ටන් රැකට්ස් දෙකක් ඇරෙන්න කිසි දෙයක් නෑ. හැබැයි මෙතනින් පල්ලට යන්න ලී වලින්ම හදපු ස්ටෙයා කේස් එකක්නම් තියෙනවා. මන් ලිවින් රූම් එකේ වටේම කැරකිලා වුඩ්න් ස්ටෙයා කේස් එකෙන් පල්ලට බැස්සා. අඩියෙන් අඩියට 'චරස් චර්ස්' ගාලා සද්දේ ඇහෙනවා. මට තාම හිතාගන්න බෑ මන් කොහෙද ඉන්නේ කියලා.

SITHTHARA | ONGOINGWhere stories live. Discover now