8.

3.2K 458 199
                                    

එයා එනවා.......

හැබැයි ඒ ඇස් වල තියන අහංකාර බැල්ම නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ.
ඌ මන් උගේ පැත්තට එනවා දැක දැකත් පොට්ට මූසලයා වගේ අහක බලාගෙන ඉස්සරහට ඇවිදගෙන එනවා...
ඒකට අද උදේ මේකා ඉස්කෝලෙදි දාපු පැණි හිනාව කොහොමද. කෙල්ලෙක්ට එහෙම දැම්ම නම් මෙලහට ටෝක් වෙලා. මේ තරම් මහන්තත්තකමක් කොහෙන් ඔලුවට ගැහුවද මන්දා පොරට...
යකෝ මන් invisibleද මූ මාව හොඳට දැකලත් පඩේකට ගණන් නොගෙන මාව පාස් කරන් ගියේ.

මොළේ කිව්වත් කෙලින්ම ගෙදර පලයන් සුද්දා කියලා හිත නම් කිව්වෙම ආදිත් එක්ක කතා කරපන් කියලා.

"ඒ!!!"

කතා කරන්න කිසිම දෙයක් ඔලුවට ආවේ නැති උනත් මූ ගාල කඩා ගත්තා හරකා වගේ යන එක නවත්තගන්න මන් මෑන්ට කතා කරා.

ඩයල් එක මන් කතා කරපු ගමන් හැරිලා බැලුවා. කිසිම කන්ෆියුස්ඩ් ලුක් එකක්වත් කවුද කතා කරේ කියලා බලන ලුක් එකක්වත් මුගේ මූණේ නම් නෑ. ඒ කියන්නේ මේ යකා හොඳටම දන්නවා මේ සුද්දා තමයි උට කතා කරේ කියලා. පොට්ට රංගනේ දැම්මේ නම් මාව දැක්කෙත් නෑ වගේ.

ආදි මුකුත් නොකියා උගේ ඇහිබැමක් උස්සලා මගෙන් ඇයි කියලා ඇහුවා.

"තමුසේ කොහෙද යන්නේ..."

"තමුසෙට මොකටද ඒක.."

"හහ්...මනුස්සකමට ඇහුවේ උඹ මේ ලොකු ලයින් දැම්මට."

අපරාදේ මුට කතා කරන්න ඕනේ කියලා හිතුනේ. මොන පුණ්ඩෙට එහෙම හිතුනද මන්දා. තමන් විසින් තමන් චා කර ගැනීම කලාවක් නම් ඒකෙ පිකාසෝ මේ යුවාන් තමයි. සිරාවට...ඌ කොහේ ගියත් මට ඇති වැඩේ මොකද්ද.

ආදිට එහෙම කියලා මම හැරිලා යන්න හදද්දිම...

"ඒහ්...ඇයි උඹ අද physics ක්ලාස් යන්නේ නැද්ද?"

අඩෝහ්...වට් අ සඩන් සප්පායි.. මූ පලවෙනි පාරට මගෙන් දෙයක් ඇහුවේ. තියන සතුටට බිස්කට් එකත් පොලවේ ගහන්න හිතෙනවා. සමහරවිට මට එයා එක්ක කතා කරන්න ඕනේ උනා වගේ ආදිටත් මාත් එක්ක කතා කරන්න ඕනේ උනාද දන්නේ නෑ. ඒත් එහෙම නැතුවත් ඇති. ඌ අඩි දෙක තුනක් උඩින් යන පොරක් නෙහ්.
තිබ්බ සතුටට ටික වෙලාවක් ගිහිල්ලයි මීටර් උනේ ආදි අහපු එක...

-  ආදි  -Where stories live. Discover now