"ඒ මෙහෙ වරෙන් බබා."
"ම්හු.... ඕක මාව දැක්කේ නැහැ වගේ ගියාට."
පොර මගේ බයික් එකේ යතුරත් අරන් ලිෆ්ට් එක පැත්තට දුවගෙන ගියා. මාත් බයික් එක පාර්ක් කරලා යුවාන්ගේ පස්සෙන් ගියා.
"යතුර අරන් දිව්වට වැඩක් නෑ ලිෆ්ට් එක එනකන් ඉන්න එපැයි."
"අනේ මේ...කින්ඩි හිනාව නවත්තගන්නවද..? මේ මඟුලත් දහතුනේම හිට්ටවිලා තියනවා."
"මේ ටිකේම බොක්සින් ක්ලාස් යන්නත් බැරි උනා. ඇඟත් ටිකක් බැහැලා වගේ නෙහ්.."
"බහින්නත් ඇඟක් තිබ්බද ඉතින්..පුහ්."
ඌ මට නිකන් පාච්චලේට වගේ එහෙම කියලා හිනා වෙන්න ගත්තා. මමත් ඩයල් එකව අවුස්සන්න හිතාගෙන එහා පැත්තේ ලිෆ්ට් එකට යන කෙල්ලෙක්ට කතා කරලා
"ඒහ්!!!..නංගි මේහ්... මගේ බොඩිය අවුට් ඔෆ් ටෙන් රේට් කරන්න පුලුවන්ද..!!??"
ඒ කෙල්ල හැරිලා බලනවත් එක්කම යුවාන් මගේ අතින් ඇදලා අරන්
"එක එක පකිච්චියෝන්ට කියලා රේට් කොරව ගත්ත දවසට තමයි උඹ මගෙන් කන්නේ. අනික ඕකුන්ට කතා කරන්න යන්න එපා පොඩ්ඩ ඇත්තම් තමුසෙගෙ ඇඟේ එල්ලෙන්න බලන් ඉන්නේ මිනිහෝ."
"නෑ ඉතින් බෝයිප්‍රෙන්ඩ් ඇඟක් නෑ කිව්ව නිසා මන් එහෙම--"
"හරි හරි... මන් නම් දැන් කොහොමවත් කියන්නේ නෑ උඹට නයිස් බොඩියක් තියනවා කියලා. ඔන්න ලිෆ්ට් එක ආවා."

YOU ARE READING
- ආදි -
Non-Fictionඅහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translat...