45.

18.7K 1.4K 810
                                        


බස් එකෙන් බැහැපු හැටිය මං පාරේ අයිනේ නවත්තලා තිබුණ මීටර් ටැක්සියකට නැග්ගා.
මට කියා ගන්න බැරි විදිහේ අවුලක් තියෙන්නේ. කොටින්ම කියනවා නම් මට දැන් කෑ ගහලා අඬන්න තරම් කේන්ති, දුකයි. ඒත් මං එලියට පනින්න දඟලන ඇස් වල කඳුළු කාගෙන ටුක්කාරයට දෙමටගොඩ සියපත් සෙවන ෆ්ලැට්ස් වලට යමු කිව්වා.

මං අසාවෙන් බලන් හිටියේ ආදි මැච් එක බලන්න එනවා කිව්ව නිසා. මං වෙනදටත් වඩා හොඳට ප්‍රැක්ටිස් කළා. මොකද මැච් එක බලන්න ආදි එනවා කියලා මට පොරොන්දු උන නිසාම. මොකද මට ඕනේ උනේ මාව වැඩියෙන්ම අගය කරන මනුස්සයට මගේ ටැලන්ට් එක උපරිමයෙන්ම පෙන්නන්න.

මං ආස උනා මං ප්ලේ කරනකොට ආදි මගේ නම කියලා අපේ ඉස්කෝලේ නම කියලා මාව චීයර්අප් කරනවා දකින්න.
මං මෙච්චර දේවල් ඔලුවේ මවාගෙන හීන දැක දැක ඉන්නකොට ඌ මොකක්ද කිව්වේ නැන්දගේ දුව අහවල් ගහෙන් වැටිලා අම්මටයි මටයි එන්න කියලා අම්මව තනියම යවන්නත් බැහැ ඒකයි මේකයි කියලා.

ඔව් මං දන්නවා සුදර්මා ඇන්ටිව තනියම යවන්න බැහැ තමයි. මොකද අංකලුත් දැන් නැහැ. ආදි අම්මව එක්කන් යන එකට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මොකද ඒකට එපා කියන තරමට අනුකම්පාවක්, හැඟීමක් දැනීමක් නැති අමුනුස්සයෙක් නෙවෙයි මම.

ඒත් මගේ හිත රිදෙනවා ජීසස්. මං ආදි මැච් එකට එන නිසා කොච්චර සතුටු උනාද.
මගේ ළඟ කව්රු හිටියත් මට වැඩක්ද? ජීවිතේ වැඩියෙන්ම දැනුන ඒ තරමටම ආදරේ කරන උඹ නැතුව.......

මට ඕනේ උනේ දුක හිතුනම උඹේ තුරුලට ඇවිත් අඬන්න. සතුටු හිතුනම උඹත් එක්ක හිනා වෙන්න. මේ ගෙවෙන දවස් අමතක නොවෙන විදිහට එකින් එක ගෙවන්න. හිතේ තියෙන දේවල් ඔහේ කියලා දාන්න. ආස දේවල් ආස වෙලාවට කරන්න. පුංචි දේවල් වලින් උනත් උඹ මාව අගය කරනවා දකින්න. මට හැමදාම ඕනේ උනේ උඹ මගේ එහා පැත්තෙන් ඉන්නවා දකින්න.

ඒත් දන්නවද නරකම දේ,
මට බයයි මට මේ දේවල් ඕනේ උනාට උඹට ඕනේ නැතුව ඇති කියලා හිතන්න.

ටුක් එක අපේ ෆ්ලැට් එක ඉස්සරහින් ඇවිත් නැවැත්තුවම මං බෑග් එකේ තිබුණ රුපියල් 300ක්‌ ටුක් කාරයට දීලා හිමීට ඇවිදගෙන ඇවිත් ලිෆ්ට් එකට නැගලා ගෙදරට ආවා.

-  ආදි  -Where stories live. Discover now