24.

18K 1.4K 797
                                        


කෑ ගහලා කෑ ගහලා කාමරේ අස්සට වෙලා හිටපු මාව අම්මා බත් කන්න කියලා ගෙන්න ගත්තා. වෙලාව 10ට විතර ඇති. අම්මා මේ ආදරේ බලලා ඉවර වෙලා කාපු පිඟානත් තියාගෙන නිව්ස් බලනවා.

කාමරෙන් එන්න කලිනුත් ආදිගේ චැට් එකට ගිහින් බැලුවේ මාව අන්බ්ලොක් කරලද කියලා. තාම නැහැ ඌ තාම මාව අන්බ්ලොක් කරලා නැහැ. මගේ ඔලුවට ආවේ එකම එක දෙයයි. ඒ..... මොකක්ද ආදි තමුසෙට මං එක්ක මේ තරමටම තියෙන කේන්තිය කියන එක විතරයි.

බත් එක කන්නවත් මූඩ් එකක් නැහැ මට. රටේ ලෝකේ මොන මොනා වෙනවද මන්දා......නිව්ස් බලන් හිටියට මට නිව්ස් කියන එකා මොනා කියනවද කියලවත් සිහියක් නැහැ. නංගි නම් කලින්ම කාලා නිදි.

"මොකද සුදු පුතා ඔය බත් එක අත ගගා ඉන්නේ කන්නේ නැතුව.??"

"මෙච්චර බත් කන්දක් කන්න පුලුවන්ද අනේ."

"අනේ මේ පුතා.. වෙනදට කොත ගහලා වගේ බත් එකක් බෙදාගෙන කනවා. අද මොකද කන්න බැහැ ගාන්නේ. අත ගගා ඉන්නේ නැතුව ඉක්මනට කන්න."

අම්මා දන්නේ නැහැනේ මම ඉන්න ටෙන්ෂන් එක.
නිව්ස් ඉවර වෙලා සිරසේ ෆිල්ම් එකකුත් පටන් ගත්තා. විජේගේ බිගිල් යනවා. මං පට්ටම ආසයි උගේ ෆිල්ම්ස් වලට. බිගිල් මගේ ෆේවරිට්ම ෆිල්ම් එකක්. බත් එක අත ගගා ටීවී එක දිහා බලාගෙන ඉද්දි තාත්තා ගෙදර ආවා ආවා. ඒයාට ඉතින් ගෙදර එන්න හරි වෙලාවක් නැහැ. තාත්තා ආවට එයාගේ මූණ දෙල් වෙලා වගේ. මොකක් හරි අවුලකින් ඉන්නේ ශුවර් එකටම.

තාත්තා මගේ දිහා බලලා බෑග් එක පුටුවක් උඩින් දාලා මගේ එහා පැත්තෙන් ඉඳ ගත්තා. හැබැයි මං එක්ක හිනා උනේවත් නැහැ. මං කකුල් දෙක කරට අරන් බත් කකා හිටියේ. තාත්තා ළඟින් ඉඳ ගත්තු ගමන් කකුල් දෙක ඔටෝ බිමට ගියා.

"මොකද ඒයි අවුලෙන් වගේ. මොකක්‌ හරි ප්‍රශ්නයක්ද.?"

-  ආදි  -Where stories live. Discover now