11.

17.6K 1.3K 578
                                    

මන් අපේ සෙට් එක ඉන්න පැත්තට යන්න හදද්දි
මගේ ෆෝන් එක කවුදෝ කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් උදුරගත්තා......

"ඇයි පගෝ නිකන් මන් ෆෝන් ඒක ගත්ත පාර වැලක් බල බල ඉද්දි මාට්ටු උනා වගේ පැනික් වෙලා බලන් ඉන්නේ."

"...ආහ් උඹනේ. නෑ එකපාරට...ගත්ත නිසා බය උනේ."

"ඇයි මන් මීට කලින් උඹේ ෆෝන් එක අරන් නැද්ද. අනික මන් ඇරෙන්න උඹේ ෆෝන් එක ඔහොම ගන්න වෙන එකෙක් නෑ නේ."

"නෑ නෑ තෙනුජයා... පිස්සුද හුත්තෝ. පොඩ්ඩක් ෆෝන් එක දියන්කෝ මන් දැන් ගහපු ෆොටෝස් ටික බලන්න."

තෙනුජයාගේ අතින් ෆෝන් එක උදුරගෙන ටිකකට කලින් ආදිගේ ගත්තු ෆොටෝස් ටික හයිඩ් කරලා තෙනුජයට ෆෝන් එක දුන්නා. ෆක්... හොඳටම බය උනා. මන් හිතුවේ ආදිකාරයා කියලා. ඌ දැක්කා නම් මන් රෙද්දක් ඇඳන් පාරේ බහිනවා බොරු. අනිත් එකා තෙනුජ ඌ දැක්කා නම් ලංකාදීප පත්තරේ සිරස්තලට ගියා වගේ තමා. බ්‍රේක් නැති අමන කටක්නේ උට තියෙන්නේ. තැන්ක්ස් දෙයියනේ සිදු වෙන්න ගිය විපතෙන් මාව බේර ගත්තට. ඔක්කොටම කලින් හිත අයාලේ යනවට කුමක් හෝ යමක් කරන්න වෙනවා. නැත්තන් මන් ඉස්සරහට මොන කෙන්ගෙඩියක් කරයිද දන්නේ නැහැ. ෂැක් ආදිගේ ෆොටෝස් ගනින් ගනින් කියලා හිත කෑ ගැහුව නිසාමයි ගත්තේ. දැන් මට මාවම තේරුම් ගන්න බැරි ලයින් එකක් තියෙන්නේ.

අරූ සන්ග්ලාස් දාගෙන එහෙට මෙහෙට හැරි හැරි ෆොටෝස් ගහනවා. මාත් ගිහින් ඩයල් එකගේ ෆොටෝ එකකට පැන්නා.

"අයින් පලයන්කෝ බන් මැදින් ඇඩ් දාන්නේ නැතුව. නයිස් ෆොටෝ එකක් ගහගන්න ඕනේ පාතිමට පේන්න DP දාන්න."

-  ආදි  -Where stories live. Discover now