53.

18.5K 1.4K 744
                                    


මගේ ප්‍රිෆෙක්ට් පට්ටම නිසා අද උදේ හයට මට ඉස්කෝලෙට එන්න උනා. ඊයෙ අපේ උන් ඇවිත් ඉස්කෝලේ වැඩ ටික බලලා තිබ්බ නිසා මං ඊයේ ආවේ නැහැ. අද අපේ ඉස්කෝලේ ජන්ම දිනය. අදට අපේ ඉස්කෝලෙට අවුරුදු 133ක්‌ පිරෙනවා.

100 එක නම් සුපිරියට සෙලිබ්‍රෙට් කරලා තිබ්බා ආදි ශිෂ්‍යයෝ. අපිට ආයේ සෙට් වෙන්නේ 150 තමයි. අපි වලකජ්ජ ගහන වයසේ හැබැයි ඕවා සෙට් වෙන්නේ.

මං උදේ ආපු වෙලේ ඉඳන් මීඩියා යුනිට් එකේ උන් එක්ක සෙට් වෙලා සවුන්ඩ්ස් ටික මයික්ස් පොඩ්ඩක් චෙක් කරන ගමන් ඉන්නේ.
මීඩියා යුනිට් එකේ උන්ගේ බයිලා අහලම මට එපා වෙලා ඉන්නේ. උන් තරම් මේ දේවල් ගැන දන්න උන් ලොවෙත් නැති සීන් එකේ උන් ඉන්නේ.

මං එහෙම්මම ආවේ හෙඩාව හම්බෙන්න.
ඌ දාගෙන ඉස්කෝලේ කොඩි වලට යකඩ බම්බු දානවා.

"මොනාද ඕයි උඹලා ඊයේ ඕවා කළේ නැද්ද.?"

"අනේ පලයන් යන්න ආදි ඊයේ කොල්ලෝ විස්සක්වත් ආවේ නැහැ... ආපු උන් දම්මලා තමයි ස්ටේජ් එකේ වැඩ ටිකයි මේන් හෝල් එකේ වැඩ ටිකයි කර ගත්තේ..."

"හරි හරි දැන් ඔය ටික ක්ෂණික දාලා ගමු. පිනා ඇවිත් කියවන්න ගනී නැත්තම්..."

"හෝල් එකේ වැඩ ටික ශේප්නෙ?.."

"ඔව් ඔව් මං සේරම බලලා ආවේ. ආර්ට් කරන කොල්ලෝ දෙන්නෙක් දම්මලා පොල් තෙල් පහනත් හදලම ආවේ.."

"අද රංජන් බොසත් එනවලු බන්..
රනිල් අංකල් තමයි අරාධිත අමුත්තා..."

"උන්ගේ බණ අහන්නත් එපැයිනේ කියන්නේ.."

-  ආදි  -Where stories live. Discover now