38.

17.2K 1.3K 965
                                    

ආදිට අවුල් යන යන සැරේ මගේ එකා මූණ දෙල් කරන් ඉන්නවා මට බලන් ඉන්න බෑ. කොච්චර කොහොම අපි අතරේ වලි ගියත් ඌ මගේ බොක්ක.
සුද්දා නිසාම මං සහසා එක්ක කතා කරනවා කියලා හිතාගත්තා. ඌත් උගේ යාළුවව තේරුම් ගන්න ඕනේ පොඩි මෝල් කැරියෙක් වගේ හැසිරෙන්නේ නැතුව.

මං සහස් ළඟට ගිහින් උගේ උරහිසෙන් ඇල්ලුවම ඌ මං දිහා හැරිලා බැලුවා.

"ඇයි..?"

"සහස් මට උඹත් එක්ක ටිකක් කතා කරන්--"

"කොලුකාරයෝ ගැන නම් කතා කරන්න ආවේ කරුණාකරලා අත අහකට අරන් මට යන්න දීපන්."

මං කොහොමත් එක පගයෙක් එක්කවත් මෙහෙම හොඳින් කතා කරගෙන යන්නේ නෑ. මූ නිකන් ටොක් දෙන්නේ මං දීගෙන ආවා වගේනේ. මං මූ එක්ක මෙහෙම හරි කතා කරන්නේ යුවානයා නිසා.

"මචන්... ආදි මොනවා උනත් උඹේ පොඩි කාලේ ඉඳන් යාලුවනේ. පොඩ්ඩක් ඌව තේරුම් ගන්න බලපන් බන්. මාත් ඕවට ආස නෑ. ඒත් යුවාන් මගේ බොක්ක නිසා මං ගත්ත තීරණේට මුලින් අකමැති උනත් පස්සේ සපෝට් කරන්න ගත්ත බන්.

මං දැන් උනත් උඹ එක්ක කතා කරන්න ආවේ යුවාන් නිසා. උඹටත් දවසක ලව් එකක් සෙට් උනහම තේරෙයි. අන්න එදාට ආදි හරි කියලා උඹට තේරෙයි. මං කියන්නේ නෑ උඹේ ලව් එක කොල්ලෙක් වෙන්න ඕනේ කියලා. මං කිව්වේ මොකා උනත් උඹට තේරෙයි ආදරේ කියන්නේ මේකයි කියලා. ඕනේ කෙනෙක් වෙනුවෙන් ආදරේ කියන දේ ඇති වෙන්න පුළුවන් කියලා.

-  ආදි  -Where stories live. Discover now