~Chapter 17~

506 98 125
                                    

*Jungkook POV*
මන් කොහොමහරි කියන්න ඔනී සේරම කිව්වම කෙල්ල පුදුමෙන් වගේ මන් දිහා බලන් හිටියේ, මුකුත්ම නොකියා. ඒත් චුට්ටක් වෙලා ගියාම හෙමිහිට ඔලුව වැනුවේ මූනත් ජම්බූ ගෙඩියක් වගේ රතු කරගෙන. 'හරිම හුරතල්' මන් එහෙම හිතුවට එයාට කිව්වේ නෑ.

"ඔලුව වනන්නේ මොකක්ද? කටින් වචන පිටවෙන්නේ නැද්ද?"
ඒ සැරේනම් කෙල්ලට කේන්ති ගියාද මන්දා, මගේ  ඔලුවට යන්තම් රිදෙන්න ගැහුවා.

"ඒයි ගහන්න ඔට්ටූ නෑ, මට කියන්නකෝ, හාද, බෑද?"

කෙල්ල ආයිමත් ඔලුව වැනුවා, මටත් හිනා.

"අනේ මන්ද මේ පිස්සු කෙල්ල, කෝ මේ එන්න"

මන් කෙල්ලව ඇදලා අරන් hug කලා. කෙල්ලත් ලැජ්ජාවෙන් රතු උනාට, මාව hug කලා. මට මාරම සතුටුයි.

ඔන්න මන් ඊට පස්සේ මන් මගේ අතේ තිබ්බ අනිත් box එක ඇරලා ඒකේ තිබ්බ necklace එක ගත්තා .

"මේක මගේ අක්කා ගත්තේ, එයා කිව්ව ඔයා මේකට කැමති වෙයි කියලා"

"අනේ, ඒක හරිම ලස්සනයි"

Ha ri කිව්වේ හරි සතුටින්. මන් හිනා වෙලා එයාගේ කොන්ඩේ එහාට කරලා, බෙල්ලට මාලේ දැම්මා.

"හැබැයි පැටියෝ මේක නැති කරගත්තොත් එල්ලනවා හොදේ?"

මන් විහිලුවට වගේ කිව්වම එයා ඇත්තටම ඔලුව වනනවා.

අයියෝ මේ මොන තාලේ කෙල්ලෙක්ද?😂

මන් හිනා වෙවිම එයාගේ කම්මුල kiss කලා. දැනටම රතු වෙලා හිටපූ කෙල්ල තවත් රතු වෙලා, ලැජ්ජාවෙන් ඇඹරෙනවා.

(හූහූ ඔයිට වඩා වැඩි ඒවා දාන්න බෑ මන් මලක් වගේ අහින්සක දරුවෙක් 🤣💔)

"අනේ කුකී, ඔයත් එක්ක බෑ"

කෙල්ල එයාගේ මූන මගේ පපුවෙ හන්ගගත්තා, හරිම හුරතල්, පොඩි ළමයෙක් වගේ. මාත් මගේ අත් දෙක එයාගේ ඉන වටේ දාලා, බදාගත්තා.

මන් කවදාවත්ම ඔයාව නැති කරගන්නේ නෑ.🥺🌹❤️

අපි ටික වෙලාවක් rooftop එකටම වෙලා කතා කර කර හිටියා. බෙල් එක ගහපූ ගමන්ම අපි දෙන්නම classroom එකට ගියා. මට අද දවසනම් අමතක වෙන එකක් නෑ.

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now