~Chapter 27~

364 87 32
                                    

[The next morning - Ji hye POV]

ඔන්න ඉතින් උදේ පාන්දරම අපේ අම්මා මාරාවේසයෙන් දගලනවා. ඔක්කොටම අද පාන්දරම නැගිටින්න උනා තාත්තා යන නිසා, එයාට flight එක තිබ්බේ දෙකට විතර, අම්මයි, මායි Airport එකට ගියා තාත්තා එක්ක කුකීනම් ආවේ නෑ, තරහටමද කොහෙද, කමක් නෑ ඉතින්.

මන් නම් ගිහින් ආපූ ගමන් දපලා නිදා ගත්තා මොකද ඉතින් උදේට college යන්නත් තියෙන නිසා. ඒ කෙසේවෙතත් උදේ අම්මා ඇවිත් දෙකක් ගහල ඇදෙන් බිමට ඇදලත් මාව නැගිට්ටවගන්න්න බැරි වෙලා, හැබැයි ඉතින් සුපුරුදු පරිදි අපේ මී හරක් පැටියගේ මර ලතෝනිය ඇහුන ගමන්ම මාව ඇදෙන් ඇදගෙන වැටුනේ shock එකටම. නැගිට්ට ගමන් කුකියගේ කාමරේට දිව්වේ එයාගේ computer එකේ wire ටික ගලවන ගමන්ම තමයි.

"තෝව අද මම හමගහනවා, ඉන්නව ඉතුරු කරන්නේ නෑ, ඇයි අප්පා නිදහසේ නිදා ගන්න ටිකවත් නෑ"

මන් කෑගහගෙන මල්ලිට ගහන්න යද්දි අම්මා ආවේ හැන්දකුත් අතේ තියාගෙනම, එතකොට තමයි දෙන්නටම තේරුනේ දැන් දෙන්නම ඉවරයි කියලා.

"Ji hye! මන් කී සැරයක් කියලා ඔයාව ඇහැරුවාද? ලැජ්ජා නැද්ද පළවෙනි දවසම පරක්කූ වෙලා යන්න, මට මේ උයන්න, ඔය අලි බබ්බූ දෙන්නව නලවන්නයි, ගෙදර වැඩයි සේරම කරන්න බෑ, පොඩ්ඩක් ඔය මොලේ කල්පනා කරලා වැඩක් කරන්න, ඔය අල ගෙඩියක් වගේ මොලේ දුන්නේ කකා බිබි ඉන්න නෙමෙයි"

අම්මා ඉතින් මට තියෙන කැටයම් සේරම දාලා බනිනවා, මන් ඉතින් ඒව මේ කනින් අහල එහා කනින් පිට කරනවා, මොකද ඉතින් මට ඕවා හොදට පුරුදුයි, දවසම කොහොමත් මොකකටමහරි බැනුම් අහනවානේ? හැබැයි කුකියටනම් හිකි හිකි ගාල හිනා.

"වකුගඩු දුන්නට මොලේ දෙන්න බෑනේ~"

ඒ අස්සේ කුකී මට විහිලු කරනවා, මූ බලහන්කෝ, හිතේ ඇති හොද මොලයක් තියෙනවා කියලා හූම්. තරහටත් එක්කම මල්ලිගේ කකුල පෑගුවා හයියෙන්ම.

"ආව්... Noona.. ආව් රිදෙනවා අප්පා!"

කුකීගේ කන්කෙදිරිය ඇහුන ගමන්ම අම්ම එයා දිහා බැලුවේ හොදකට නෙමෙයි, ඔන්න දැන් මගේ චාන්ස් එක හිනා වෙන්න.

"හිනා වෙන්න නෙමෙයි, උදේ පාන්දරම නැගිටලා game ගහනවා, නරකද පොතක් බැලුවනම් එහෙම?"

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Wo Geschichten leben. Entdecke jetzt