~Chapter 10~

520 102 63
                                    

*Jihye POV*
"ඉතින් Ji hye පැටියෝ මගේ offer එක ඔයාට තාමත් වලන්ගුයි.මොකෝ කියන්නේ කැමතිද මගේ girlfriend වෙන්න?"

ඒ ඇහුනූ කටහඩින්ම මට තේරුණා මොකාද මේ බූරුවා කියලා. මන් එයා දිහා රවලා බැලුවා.

"තමුසේ වගේ පිස්සෙක්ගේ girlfriend වෙන්න මට මොලේ කොලොප්පන් වෙලා වගේ පේනවද?"

මන් එහෙම ඇහුවම එයාගේ මූන දෙක උනා,එයා මගේ දිහා කේන්තියෙන් වගේ බැලුවම තමා මට හිතුනේ 'අනේ මගේ බෙලෙක් කට වහගෙන හිටියනම් ඉවරයි' කියලා,කොහෙද ඉතින් මට මොලයක් කියලා නාමයක්වත් නැහෙනේ.

එයා කේන්තියෙන් හිටගත්තේ හරි සද්දෙන් පුටුවත් පෙරලගෙනයි. මන් ඒ සද්දෙට භය උනා, ඒත් මන් මගේ හිත ශක්තිමත් කරගෙන ඉන්න බලන්න ඔනී.

අනේ දෙයියනේ මේ කුකීයටයි, ජිමිනියටයි මාව අමතක වෙලාවත්ද?

එයාලට මාව අමතක වෙලා කියලා හිතුනම මට මාරම දුකයි.මහ ලොකුවට පන්ඩිත කතා කිව්වට, මට දැන් භයයි. කව්ද හිතුවෙ මේ මෝඩයා මාව kidnap කරයි කියලා.

*Jimin POV*
මුලු රෑම මායි කුකියයී Jihyeව හෙව්වත් තාම හොයාගන්න බැරි උනා. කුකියා පිස්සෙක් වගේ ඔලුව හැරුනු අතේ දුවනවා. මුලු රෑම එයාව මතක් කර කර අඩනවා. ඒ මදිවට jihyeගෙ අම්මත්  call කරලා Jihye ගැන ඇහුවම, දෙන්නම බොරුවක් ගොතලා කිව්වට දැන් හවස් වෙද්දි එයා ආවම ඇත්ත කොහොමහරි දැනගනී. එයාටත් ගොඩක් දුක හිතෙයි. ආයිමත් කවදාවත් මාත් එක්ක Ji hyeට කොහෙවත් යන්න දෙන එකක් නෑ ඒ ඔක්කොම අමතක කරමූ, ඇත්තටම එයාට මොකක්ද එක පාරටම උනේ? මටත් මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ.

කොහෙද, මේ පිස්සු විකාරේ ගියේ?

________________________

මන් අපේ ගෙදර ඇවිත් තාත්තට කියලා එයගේ body guardsලා ටික දෙනෙක්ව යැව්වා Ji hyeව හොයන්න. එතකොට තමා කුකියගේ දැගලිල්ල ටිකක් අඩු උනේ.

"ඒගොල්ලොන්ට noonaව හොයාගන්න පුලුවන් වෙයිද hyung?"

කුකී එහෙම ඇහුවම මන් ඔලුව වැනුවේ මටවත් sure එකක් නැතිව. ඒ අතර මායී, කුකීයයි එකතු වෙලා දන්න දන්න හැම වැඩ කෑල්ලක්ම දාලා, එයාගේ phone number එක track කරලා location ගන්න try එකක් දුන්නා.

ඔහොම පැයක් විතර තිස්සේ අපි එයා ගැන හොයන්න බැලුවත් කිසිම දෙයක් හම්බුනෙ නෑ.

"මටනම් පිස්සු වගේ, දවස තිස්සේම game play කරත් මෙච්චර ඔලුව රිදෙන්නේ නෑ. හැබැයි අපේ අක්කව කවුරුහරි kidnap කරලානම් ඕකගේ ඔලුව ගලවලා අතට අරන් football ගහනවා එකාගේ ඔලු ගෙඩියෙන්, හිතේ තරහ නැති වෙනකන්ම."

කුකී එහෙම කිය කියා බිත්ති වලට පයින් ගහන්න ගත්තා.

මොන පිස්සෙක්ද මූ?

මන් ඌ දිහා රවලා බැලුවම, පාඩුවේ ගිහින් ඉදගත්තා.

"ඔයා ඒ මිනිහා අහු උනාම ඔනී දෙයක් කරගන්න දැනට අපේ ගෙදර බිත්ති ටික ඉතුරු කරන්න."

මන් එයා ලගින් ඉදන් Ji hyeට call එකක් අරන් බැලුවා. Phone එක switch off කරලා වගේ.

"හැබැයි, මගේ ආදරණීය අක්කණ්ඩිය කියන කට කැඩිච්ච කතා වල හැටියට ඔය මහ ලොකු kidnappersලා අක්කව ගෙදරටම ගෙනත් දායී."

කුකීගේ ඒ කතාවටනම් අපි දෙන්නටම මහ හයියෙන් හිනා ගියා. ඒත් එක්කම මට අපේ ගෙදර maid කතා කලා මගේ නමට ලියුමක් ඇවිත් කියලා.

කාගෙන්ද මට ලියුමක් එන්න ඇත්තේ?

මන් පල්ලෙහට ගිහින් බැලුවම එක ලොකු ලියුමක් එක උඩ තිබ්බා. මන් ඒක ඇරලා බැලුවම මගේ ඇස් උඩ ගියා. ඒ විතරක් නෙමෙයී, මට මාරම විදිහට දුකත් හිතුනා.
                     

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
Jimin,

ඔයාගේ සොදූරු ආදරවන්තිය දැන් ඉන්නේ මන් ළගයී. ඒ නිසා එයාගේ ජීවිතේට පොඩි හරි ආසාවක් තියෙනවනම්, කරුණාකරලා, මන් මේ එවලා තියෙන location එකට රෑ  7ට තනියම එන්න. පොලිසියෙන් හරි ඔයාගේ body guardsලා හරි මන් දැක්කොත් එවෙලෙම Ji hye ට වෙඩි තියනවා.

මතකයිනේ, රෑ හතට තනියම එන්න. අපේ පරණ පලහිලව්වක් තියෙනවා විසදගන්න.

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾

Ji hye මහ අදුරු කාමරයක පොළවේ බිම සිහි නැතිව වැටිලා ඉන්න photo එකක් ලියුමටම අමුණලා තිබ්බා.............

*****************************
Stay tuned.🌹

මොකද හිතන්නේ කතාව හොදයිද??🤔හොදයි නම් vote කරලා,හොද නරක කියලා comment එකකුත් දාගෙනම යන්න හොදේ.✌

ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සෙ මේ කතව update කලා. 🤣🤣🤣දැන් ඉතින් exam එක ඉවර නිසා free එකේ ඉන්නේ. ඒ නිසා පුලුවන් හැම වෙලේම කම්මැලි නැතිව  update කරන්න බලන්නම්. තාම මගේ කතාවට support කරනවට  thanks හොදේ.

❤️❤️❤️❤️❤️❤️❤️❤️

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Hikayelerin yaşadığı yer. Şimdi keşfedin