~Chapter 2~

789 151 98
                                    

[At Home]
*Ji hye POV*
අපේ අම්මයි,මල්ලියි දෙන්නම Jimin එක්ක ගොඩාක් එකතුයි.ඇත්තම කිව්වොත් Jimin හරියට අපේ පවුලෙම කෙනෙක් වගේ.😄

මන් පහලට යනකොට Jimin ඇවිල්ලා හිටියා.කට්ටියම ලොකු කතාවක් වගේ මන් හොරෙන් කතාවට ඇහුන්කන් දුන්නා.

"අම්මෝ පුදුමයි අපේ කුකීයා Jihyeව උදෙන්ම ඇහැරුවා කිව්වම"

Jimin එහෙම කියනකොටම මල්ලී කිව්වා.

"අපේ Noona නිදා ගන්න ගියාම
මෙතන යුද්දයක් තිබ්බත් නැගිටින්නේ නෑනේ."

එහෙම කියලා ඔක්කෝම හිනවෙන්න ගත්තා.අම්මත් එයලත් එක්ක එකතු වෙලා මට හිනා වෙනවා.මට මල පැන්නා.😠😠😠මන් ගිය ගමන් මල්ලිගෙ ඔලුවට ඩෝන් ගාලා ගැහුවා.

අම්මෝ මට කේන්තී ගියා වගේ නෙමෙයි කුකීට කේන්ති ගියම යක්ශයෙක් වගේ.😬අනේ ඉතින් මටත් පාඩුවේ ඉන්න බෑනේ.😕මන් හිතන්නේ මේ කෙන්ති යන එක අපිට පරම්පරාවෙන් ලැබුන දායාදයක් කියලා.🙄

"අනේ මගේ කුකී පැටියෝ මන් හිතලා නෙමෙයි ගැහුවේ ඔයාට."😅

එහෙම කියාගෙන මන් හෙමිහිට Jiminගේ පිටිපස්සෙන් හැන්ගුනා.Jimin මට නෝන්ඩියට වගේ හිනවක් දැම්මා.මට ඒවෙලේනම් පොලව පලාගෙන යන්න හිතුනා.😫

"කට්ටියම එන්න ඉක්මනට කෑම කාලා ඉස්කෝලෙට යන්න."

අපි කෑම කාලා ගෙදරින් පිටත් වුනා.කුකීයව එයගේ ඉස්කෝලෙට දාලා අපි දෙන්නත් පුරුදු විදිහට ඉස්කෝලෙට ගියා.

[At school]
Time table එකේ විදිහට Jiminටයි,මටයි තියෙන්නේ එකම වෙලාවට එකම subjects.

Physics වේලාවට විතරයි දෙන්නටම වෙනම ඉන්න වෙන්නේ.ජීමින්ට physics වලට ඉන්නේ Mr.Lee,මට Mrs.Kang ඒ නිසා අපිට ඒ වේලාවට විතරක් වෙන වෙනම ඉන්න වෙනවා.😢

උදෙන්ම තියෙන්නේ English අපි දෙන්නා අත් අල්ලගෙන පන්තියට ගියා.කොහෙහරි යනකොට මගේ අත අල්ලන් යන එක Jiminට පුරුද්දක් වෙලා තියෙන්නේ ඒත් ඇත්තටම මන් ඒකට කැමතියි.

"අම්මෝ මෙන්න lovebirdsලා දෙන්නා එනවා!!!"

පන්තියේ ඔක්කෝම අපි එනකොට කෑගැහුවා ඒත් Jimin රවපු ගමන් කට්ටියට උන්හිටි තැන් අමතක උනා.

පන්තියේ ළමයි Jiminට කොච්චර භයයිද කියනවනම් සමහර අය පොත් අල්ලගෙන ඉන්නේ උඩ යට මාරු කරගෙන.මට හිනත් ගියා.😂

{Time skip-lunch time}
අම්මෝ physics period එක ඉවර උන ගමන්ම මන් බෑග් එකත් අරන් හෙමිහිට Jimin ඉන්න class එක පැත්තට ගියා.අය්යෝ මේ Mr.Lee එක්ක බෑනේ ඉතින් physics period එක ඉවර වෙන බෙල් එකත් ගැහුවා තාම class එක ඉවර කලෙ නෑ.

මට Jimin එනකන් cafeteria එකට යන්නත් බෑ.මන් එයා එනකන් බිත්තියට හෙත්තු වෙලා earphones දෙක අරගෙන සින්දූවක් අහන්න යනකොටම එතනින් ගිය ගෑනු ළමයි දෙන්නෙක් මට රවාගෙන
මාව පෙන්නලා මොනවද කුටු කුටු ගාන්න ගත්තා.

"ආ මේ අර Jimin ඔප්පව දැලේ දාගන්න හදන girl නේද?"
එතන හිටිය එක ගෑහැනු ළමයෙක් එහෙම කිව්වා.මන් එයා දිහා රවලා බැලුවා.

"බලන්නකෝ මෙයා අපිට රවන්නත් එනවා.ඔයා හැමෝටම පෙන්න හොද කෙනෙක් වගේ රගපානවා.ඔයත් අනිත් කෙල්ලෝ වගේම ඔප්පගේ සල්ලී වලට කෑදරකමේ ඉන්නේ."

කොට කොන්ඩයක් තිබුන කියුට් ගෑහැනු ළමයා මට එහෙම කියලා නෝන්ඩියට වගේ හිනා උනා.

ඒ දෙන්නා කියපු දේවල් වලට නම් මට ටිකක් දුක හිතුනා මොකද මන් කවදාවත් සල්ලී නිසා Jimin එක්ක යාලුකමක් ඇතිකරගත්තේ නෑ.😢

මන් ඒත් එයාලට ඒ බවක් දැනෙන්න නොදී එයාලට රවාගෙනම හිටියා.

"අම්මෝ බලපන්කො මේකිගෙ ගෑස්,මට රවන්න ආවොත් ඇස් දෙක උගුල්ලනව දැනගන්න."

අප්පද බොල මේ සක්කරවට්ටමගෙ ගනන් හිතන් ඇති මාව භය කරන්න.මන් ඉතින් මොන යකෙක්ටවත් භය නෑනේ මගේ Jimin ඉන්නකන්.😏😏

එකපාරටම කොහෙන්දෝ මතු වුන කොල්ලෙක් මගේ ළගටම ඇවිත් මගෙ කරට අත දාගත්තා.මට මලම මල 😤😤ඒත් මොනවා කරන්නද මන් ඉවසගෙන හිටියා.

ඔන්න මූ මගෙ කනට කොදුරන්න ගත්ත ඒ සැරේ.මේකා එනපොට නම් හොද නෑ පුතේ.🙄

මන් පොඩ්ඩක් එයාට රවලා බැලුවා.ඒත් එයා ඊලගට මට කියපු දේටනම් ගොඩක් හිත රිදුන.මට නොදැනිම මගේ ඇස් වලින් කඳුළුත් ආවා.

****************************
Stay tuned🌹

මොකද හිතන්නේ කතාව හොදයිද??🤔හොදයි නම් vote කරලා,හොද නරක කියලා comment එකකුත් දාගෙනම යන්න හොදේ.✌

මොකක් වෙන්න ඇතිද අර කොල්ලා Ji hyeට කිව්වේ එයාට ඇඩෙන්න තරම්?👀 ඒක දැනගන්න නම් ඉතින් ඊලග chapter එක කියවන්නම වෙනවා ඉතින්.😏😏😏😏

මන් ඊලග chapter එක ඉක්මනටම update කරන්නම්.😁😁😁

사랑해💜💜💜

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now