~Chapter 25~

474 91 36
                                    

{Flashback- the day jisung (ji hye dad came to their house}

*Ji hye POV*
මායි කුකියයි දෙන්නම ඇවිත් අම්ම ලගින් වාඩි උනේ අම්ම කියපූ නිසා මිසක් තාත්තා නිසානම් නෙමෙයි. බලමුකෝ, ඒ පාර මේ මොකාටද එන්න හදන්නේ කියලා.

"මේ ඔයාලගේ තාත්තා මොකක්ද කියනවා"

අම්මා ඒක කිව්වේ කිව්වේ නිකන් අමුතුවට ඒකෙන්ම මට තේරුන තාත්තා නිකන් මේ අපේ සැප දුක බලලා යන්න ආපු ගමනක් නෙමෙයි මේ කියලා.

"මෙයා කියන ඒවා අහන්න මටනම් ඕනී නෑ"

මන් හෙමින් කෙදිරුවාට අපේ කුකියටනම් ඒක ඇහුනා, ඔන්න දැන් ඉතින් මොකෙක්ද වගේ හිනා වෙනවා. මටත් හිනා, හැබැයි දෙන්නම හිනාව නැවැත්තුවේ අම්මා අපිට රැව්වම.

"මේ කියන එක අහගන්නවද, මගේ ඔලුව අවුල් කරන්නේ නැතුව"

අම්මා ටිකක් සද්දේට කිව්වම අපි දෙන්නගෙම කටවල් ඉබේටම වැහුනා.

"ඉතින් මෙහෙමයි, ඔයාල දෙන්නම හොදටම දන්නවා මන් ඔයාලගේ තාත්තා කියලා හැබැයි මට පොඩ්ඩක්වත් ගරු කරන්න දන්නේ නෑ, පේනවනේ Ji eun ඔයාලව හදලා තියෙන විදිහ"

ආ, ඔන්න එනවා ඉතින් අම්මට එව්වා මෙව්ව කියන්නේ, දෙන්නේ මන් පයින්, ඒවා කොහෙද, අපේ අම්මා තනියම අපි දෙන්නාවම හොදට බලාගෙන, හැමදේම හොදට කියලා දීලා ඉගැන්නුවා හූම්. 😒

ඔයා මට කොහොම උපදෙස් දුන්නත් මන් ඒවා ගනන් ගන්නේ නෑ. මන් හිතින් හිතුවට එයාට කියන්න තරම් හයියක් නෑ.

"මන් ඔයාලගේ තාත්තානේ, ඉතින් මට ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ව තියාගන්න අයිතියක් තියෙනවා. ඒ නිසා මාත් එක්ක දෙන්නගෙන් එක්කෙනෙක් එන්න"

තාත්තා කියපූ කතාවට අපි දෙන්නම ඩිම් උනා, කව්ද හිතුවේ මේ මනුස්සයා එක පාරටම ආවේ අපිට මේ වගේ දෙයක් කියන්න කියලා.

"අනිත් එක ඔයාලගේ අම්මට ඔය දෙන්නගෙම වියදම් දරන්න බැහැනේ තනියම, ඒ නිසා මා එක්ක America එන්න, මොකෝ කියන්නේ Jungkook?"

තාත්තා ආයිමත් ඇහුවට කුකියනම් තඹ සතේකට ගනන් ගත්තේ නෑ. මත් කරකියාගන්න දෙයක් නැතිව හොල්මන්, හැබැයි අම්මා හරිම silent, පුදුමයි.

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now