~Chapter 18~

518 96 93
                                    

*Ji hye POV*
කොහොමහරි දගලලා දගලලා මල්ලී කෙල්ලව සෙට් කර ගත්තා. පව් ඉතින්,හෙන සතුටින් ඉන්නේ ඕකා, ඒ නිසයි මන් කෙල්ලව dinner එකට එක්කන් එන්න කිව්වේ. නැතිව අපේ අම්මට එයාගේ ලේලි පොඩ්ඩව හදුන්වා දෙන්න නෙමෙයි.

ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යනකොට කුකී මටයි, Jiminටයි කිව්වා සම්පූර්ණ සිද්ධිය කොහොමද එයා මහ ලොකු වැඩ්ඩා වගේ confess කලේ කියල.

ඔව් ඔව් වැඩ්ඩාගේ දක්ශතාවය කොහොමද කියනවනම්, මායි Jiminනුයි නැත්නම් බලන්න තිබ්බා, මහ ලොකුවට ගිහින් confess කරන විදිහ. අපිත් ඉතින් ගොනා සේ මේකාගෙ වීර ක්‍රියාව අහගෙන හිටියා.. සූටි හිත් තලන්න බෑ නේ

"අර පොඩි එකාටත් දැන් කෙල්ලෙක් ඉන්නවා..සැක්, දැන් මට මාර single ගතියක් දැනෙන්නෙ. කුකියට second වෙන්නත් බෑ නේ. මේ හලෝ, මොකෝ කියන්නේ, අපි දෙන්න සෙට් වෙමුද?"

Jimin මගේ කරටත් අත දාගෙන කිව්ව කතාවට මගේ ඇස් දෙක ලොකු උනා, හුස්මත් හිර උනා වගේ. ඒක එයා ඇත්තටම කියපු දෙයක්ද එහෙමත් නැත්තම් sudden impulse එකට පිට වුනාද? Jimin නම් හිනා වෙවී හිටිය.

" ඕක ඉතින් ආයෙ අමුතුවෙන් අහන්නත් දෙයක්ද? එයා එක පයින්ම කැමති වෙයි, hyung ඔයා දන්නෙ නැති වුනාට එයාගෙ c--- "

කුකීට එයා ඕනාවට වඩා කියවනව නේද කියලා තේරුන ගමන්ම ඉක්මනටම කට වහගත්තා. මන් රැව්වේ තරහට විතරක් නෙමෙයී, ලැජ්ජාවට මොකද මේ බූරු පැටිය මගේ secret එක තව චුට්ටෙන් එලි කරනවනේ. මට ආපූ කේන්තියට 'ඩෝන්' ගාලා එකක් පිටට ගැහුවා මේ යෝදයාගේ.

"ආව්.. තමුසේ මොන බම්බුවක්ද මේ කරන්නේ අක්කෙ.. නට් ලූස් වෙලාද?, අහිංසක මට අත පය උස්සන් එන්නෙපා හරී... මාත් ගහනවා තමුසෙට අගහරුවල යන්න, එතකොට මට ඔහේගේ phone එකත් අරන් game ගහන්න පුලුවන්නේ."

"ආ.. තොට දෙන්න තමයි මං අමාරුවෙන් phone එකක් ගත්තේ, අනේ මේ මල්ලි පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා, ඔයාට ඔය laptop එකයි, tab එකයි ඒ මදිවට phone එකකුත් තියෙනවා. ඒ උනාට මට වඩා පොඩී, මේක හෙන අසාධාරනයිනේ යකොව්. මන් සල්ලි එකතු කරලා phone එකක් ගත්තේ, ඒත් අම්ම මෙයට devices දෙක තුනක්ම අරන් දීලා."

"ඉතින් මොකෝ මන් එකම කොල්ලනේ අම්මගේ, ඔයාට ඔය shopping යන්න අම්මා සල්ලි දෙන්නේ, ඔයා ගේන ඇඳුනුත් ගිනි ගනන් තමා, ඒ සල්ලි මට දුන්න නම් මං phone කඩයක්ම දානවා එහෙම බැලුවොත් මට තමා අසාධාරන......"

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now