~Chapter 24~

509 93 131
                                    

*Ji hye POV*
මන් අම්මගේ call එක ආපූ ගමන් ha riට කියලා පිටත් උනේ, අම්මා හදිස්සියක් කියලා කිව්වම බය හිතුන නිසයි, අම්මට මොකක්හරි ප්‍රශ්නයක්වත්ද දන්නේ නෑ. මන් ඔහොම හිත හිත ගෙදර යනකොට, අම්මා කිසිම කලබලයක් නැතුව සාලේ පුටුවකට වෙලා පොතක් කියව කියව ඉන්නවා. අද අම්මා වැඩට ගියෙත් නෑ.

"අනේ මොකක්ද අම්මේ, මාවත් බය කරලා කලබලේ ගෙදර ගෙන්නුවේ ඇයි?"

මන් තරහෙන් වගේ එයාගෙන් ඇහුවේ හැබැයි මගේ කට ඉබේටම වැහුනා  අම්මත් එක්ක ඉන්න අනිත් කෙනා දැකලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි, අපේ නමට තාත්තා. මට මෙයාව දකිනකොටත් කේන්තියි, මොකද ගිය පාර ආව වෙලාවේ අපිට නැති ප්‍රශ්නයක් ඇති කලා, දැන් ඇවිත් තියෙන්නේ ඒකට පිදුරු දාන්න වෙන්න ඇති.

"හලෝ මගේ චූටි දූ, ඔයාට දැන් මාත් එක්ක යන්න වෙලාව හරි, ඉක්මනට ලෑස්ති වෙන්න, මන් හිතන්නේ කලින් කිව්ව නිසා ඇදුම් එහෙම pack කරගෙන වෙන්න ඇති ඉන්න ඇත්තේ"

එයා එහෙම කිව්වම මට තරහක් එක්කම දුකක් ආවා, මොනවා කරන්නද, මට මේක කරන්නම වෙනවා. ඒත් මට මෙහේ කට්ටියම මතක් වෙයි, තාත්තා මාව ඇමරිකා එක්කන් යනවා. මට ආයිමත් මෙහෙ එන්න වෙන එකක් නෑ, මේ සේරම අමතක කරලා මට අලුත් ජීවිතයක් පටන් ගන්න වෙනවා. මගේ දෛවය තමා.

"නෑ.... මන් ඉක්මනට බඩු pack කරගෙන යන්න ලෑස්තී වෙන්නම්."

මන් හෙමිහිට කිව්වේ ඇස් දෙකේ කදුලු පුරවගෙන. අම්මත් මගේ පස්සෙන් කාමරේට ඇවිත් මගේ පිටට තට්ටුවක් දැම්මා.

"අනේ අඩන්න එපා, මටත් දුකයි, මොනවා කරන්නද, අපිට call කරන්න හොදද?"

අම්මා කිව්වම මන් කදුලු පිහිද පිහිද බඩූ pack කරා. පැයකට විතර පස්සේ මන් සේරම ලෑස්ති කරන් පල්ලෙහාට ගියා, තාත්තා බෑග් එක අරන් car එකට දාගත්තම, මන් ගිහින් අම්මව බදාගෙන ඇඩුවා, මොනවා කරත් මට මෙයාලව දාලා යන්න හිත දෙන්නේ නෑ

"පරිස්සමින් ඉන්න අම්මා, මට ඔයාලව ගොඩක් මතක් වෙයි."

අම්මත් මාත් එක්ක අඩන්න ගත්තා, කියාගන්න බැරි දුකක් තමා මට ඒ වෙලෙ දැනුනේ.

"අනේ මල්ලිට කියන්න, මන් කියන්නේ නැතිව යන එකට තරහ ගන්න එපා කියලා"

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now