~Chapter 20~

445 96 65
                                    

*Jimin POV*
මන් වෙනදා වගේ Jihyeත් එක්ක ඉස්කෝලේ යන්න ගියේ නෑ. සාමාන්‍යයෙන් මන් එයාගේ ගෙදරට ගිහින් Jihye, කුකීයයි එක්කයි ඉස්කෝලේ යන්නේ. ඒත් මන් අද කලින්ම ඉස්කෝලෙට ගියේ Ha riත් එක්ක Ji hyeට confess කරන්න ක්‍රමයක් ගැන කතා කරගන්න.

මන් ඉතින් ඉස්කෝලෙට යනකොට ha ri ඇවිත්, අපි දෙන්නම කුකීට කිව්වේ නෑ, මේක නිකමට හරි දැක්කොත් මට අද මරුම් කන්න තමයි වෙන්නේ, මොකද ඉතින් මේ යෝදයා, ලේසි පහසු කෙනෙක් නෙමෙයීනේ.

කොහොමහරි මන් ha riගේ, classroom එකට ගියේ, එයත් එක්ක කතා කරගන්න. මොකද ඉතින් එයත් කෙල්ලෙක්නේ, අනික ඉතින් එයාත් මෙච්චර කල් jungkookට කැමැත්තෙන් හිටිය නිසා, මොන වගේ දේවල් වලට කැමතිද කියලා දැනගන්න පුලුවන්නේ? කොහොමහරි මට ඕනී මේ පිස්සු කෙල්ලව සතුටු කරන්න.

"good morning ha ri-ssi" මන් ඉස්සෙල්ලම එයාට කතා කරාම එය බලන් හිටපු පොතෙන් ඔලුව අහකට අරන් මන් දිහා බලල හිනා උනා.

"ඕ, good morning jimin-ssi" එයා මට හිනා උනා, මන් එයා ළග තිබුන පුටුවකින් හරිබරි ගැහිලා වාඩි උනේ, ලොකු talk එකකට බහින්නයි.

"හරි, මන් කෙලින්ම මන් ආව හේතුව කියන්නම්, මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනී ha ri-ssi. ඔයා දන්නවා ඇති මේක, මන් අපේ Ji hyeට කැමති, ඉතින් මට එයාට confess කරන්න plan එකක් ඕනී. ඇත්තම කියනවනම් කුකී ඔයාට confess කරාට පස්සේ තමා මටත් හිතට හයිය ආවේ. ඒත් දැන්නම් මන් කොහොමහරි එයාට confess කරන්න ඕනී, වැරදිලාහරි වෙන කොල්ලෙක් එයාට confess කරොත්, මට එයාව නැති කරගන්නත් බෑනේ."

මන් එක හුස්මට ලොකු පල් හෑල්ලක් විස්තර කලාට මටම sure නෑ, ha riට මන් කියපු ඒවා තේරුනාවත්ද කියලා ඒත් මොනව උනත් මේ කෙල්ල හිනා වෙන්නනම් ගත්තේ මට නෝන්ඩියට.

"අප්පේ, මන් ඒක කියන්න ඕනි කුකීට, අර පොඩි කොල්ල නිසානේ මේ ඔයාගේ හිතට හයිය ඇවිල්ලා තියෙන්නේ?"

ඔන්න ඉතින් එන පොට හරි නෑ, මදැයි මන් අර මොඩ තඩියගෙන් නෝන්ඩි නොවී මෙයාගෙන් උදව් ගන්න ආවා. කුකියටම හරියන කෙල්ල, මේව මට හොද පාඩම් මෙයාව විශ්වාස කරාට. බලන්නකෝ තාම හිනා වෙනවා, අනේ මන්ද. මන් පොඩ්ඩක් රැව්වම නම් එයාගේ හිනාව නැවතුන.

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now