~Bonus Part & Thank you Note~

514 90 102
                                    

🥺{so the big day for jimin and ji hye, their wedding day} 🥺

*Ji hye POV*
"අනේ මට මොකක්ද වගේ, මේ දිග ගව්මත් ඇදන් මන් කට්ටිය ඉස්සරහට යනකොටම ඇදගෙන වැටෙයිවත්ද? අනික මේ ලී කොට වගේ උස සපත්තුත් දාගෙන ඉන්නේ"

මන් මගේ make up එක කර කර හිටපූ Ha riගෙන් ඇහුවම එයා කරේ හිනා වෙවි හිටපූ එක විතරයී.

"ඔයාටත් තේරෙයි මන් මේ විදින දුක, ඔයත් මගේ තැන හිටියනම්, ඔය හිනාව නවත්තගන්නවා අප්පා, මට පිස්සු හැදීගෙන එන්නේ"

මන් කෙදිරි ගගා ඉන්නකොටම කුකියා ආවා කාමරේට, camara එකත් අතේ තියන්, මන් ඉතින් සුපුරුදු ලෙස එයාට රැව්වා.

"ඇයි මොකද, මාව භාගෙට makeup කර කර ඉන්න එක video කරලා, පස්සේ විහිලූ කරන්නද හදන්නේ?"

මගේ කතාවට දෙන්නම හිකි හිකි ගගා හිනා වෙනවා, කුකී අපි දෙන්නම පොඩ්ඩක් video කරලා, ඉක්මනට Ha riගේ කම්මුලට kiss එකක් දීලා එළියට දිව්වා, අනේ මන්ද මේ යකාටනම් පිස්සූ. පොඩ්ඩක් ඉන්න මේ ගෝතයා මන් ඉස්සරහම එයාගේ girlfriendට kiss එකක් දුන්න නේද?

"ඒයී මන් තාම තමුසෙගේ අක්කා"

මන් බෙරිහන් දීලා, ha ri දිහා බැලුවම එයා ලැජ්ජාවේ රතු වෙවී ඉන්නවා. දෙයියනේ, මේ පොඩි එවුන් දෙන්නම ලොකු කෙනෙක් මෙතන ඉන්නවා කියලා පොඩ්ඩක් ගරු කරන්නවත් හිතන්නෙ නෑනේ 😒💔

______________🖤

කොහොමින් කොහොමහරි මාව ලෑස්ති කරලා ඉවර උනාම අම්මා කාමරේට ආවා, ඇස් දෙකේ කදුලු පුරවගෙන.

"අනේ ඔයා ඇඩුවොත් අපේ Ji hye අක්කත් අඩයි, අපරාදේ මන් මහන්සී වෙලා දාපු makeup එක"

ඒකට අම්ම හිනා වෙවි, ඔලුව වනාගෙනම ඇවිත් මාව බදාගත්තා, බදාගෙන ඔලුව අත ගෑවා.

"මට හිතාගන්නවත් බෑ, මගේ චූටි දුව අද බදින්න යන්නේ කියලා, බලන්නකෝ ඔයා ලොකු වෙලා තියෙන තරම"

අම්ම ඒක කිව්වේ මගේ මූන අත ගගා, ඔන්න ඉතින් මගේ ඇස් වලටත් කදූලූ ඉනුවා, අනේ අම්මා මෙහෙම කියනකොට මටත් දුකයි.

හැබැයි අපි දෙන්නට ගොඩක් වෙලා emotional වෙලා ඉන්න උනේ නෑ, මොකද අර ගෝතයා ආපහූ ආවා, තාම සේරම video කරන ගමන් තමා.

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now