~Chapter 19~

458 92 72
                                    

*Ji hye POV*
මන් හොද ඈනුමක් ඇරලා චුට්ටක් ඇදේ එහට මෙහාට පෙරලුනා. එතකොට තමයි මට මතක් උනේ, ඊයේ උන දේවල් සේරම express කෝච්චියක් වගේ මතකෙට ආවේ.

"අයියෝ, මට නින්ද ගියා නේද බොලව්, අර සේරම කට්ටිය ඉන්න තැනම මට නින්ද ගිහින් නේද? කව්ද මාව ඇදට ගෙනාවේ?කුකීවත්ද?"

මන් ඇදෙන් පැනලා දිව්වේ කුකීගේන් විස්තරේ දැනගන්න,හැබැයි ඉතින් මන් යනකොට ඒ ගෝතයා දපලා නිදි සැපට.

" කුකීයෝ නැගිටපන් බන්, මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා තමුසේ තමයි උත්තර දෙන්න ඕනී"

මන් එයාගේ ලගින් ඉදගත්තේ මගේ අතට අහු උන කොට්ටයකුත් අරන් මේකට නැගිටනකන්ම ගහන්න, ඒත් විනාඩි පහලවක් තිස්සේම මන් දැරුව ප්‍රයත්නයේ කිසිම ප්‍රතිඵලයක් නෑ. මේ යකා තාම නිදි.

අනේ මන්ද. ඉන්නවකෝ කරන්න හොද වැඩක්.

"අනේ බලන්නකෝ ha ri-ssi, ඔයා ඉන්නවා කියලවත් මේයා නැගිටින්නේ නෑනේ"

දැන් බල්මුකෝ මූ නැගිටින වේගය.... එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි!

"මොකක්? Ha ri මෙහේ ඇවිත්ද?!?!?"

කොල්ලා නැගිට්ට වේගෙටම ගේ පුරාම මැරතන් එකක් දිව්වා. හොද වැඩේ තමුසෙට, මොකද මටත් ඔහොම කරලා තියෙනවනේ.

මෙය හුදෙක් පලි ගැනිමක් පමණයි.

හැබැයි ඉතින් මේකා කාමරේට ආපූ විදිහනම් මට අල්ලන්නේ නෑ.

"තමුසෙට පිස්සුද ඕයි, මන් පාඩුවේ නිදියන් හිටියේ..."

කුකී ඇවිත් මගේ ඔලුවට ටිකක් හෙමින් පාරක් ගැහුවා. එහෙමයි කියලා මේකට second වෙන්න බෑනේ මාත් ආපස්සට ගැහුවා.

කොහොමින් කොහොමහරි අපේ වලිය නැගලම ගියා, ඒක කොච්චර දරුණුද කියනවනම් කුකියගේ ඇද boxing පිටියක් වෙලා.

"මොකක්ද මෙතන වෙන්නේ?!!!"

අම්මගේ සද්දේට දෙන්නටම උන් හිටි තැන් අමතක උනා, දෙන්නම බදා ගත්තේ, සහොදර ප්‍රේමය දෝරේ ගලන බව අම්මට පෙන්නන්නයි.

"මුකුත් නෑ අම්ම මට අපේ චුටි මල්ලි පැටියා ගැන ආදරේ වැඩි උනා එක පාරටම."

මන් කිව්වම කුකීයත් යාන්තමට ඔලුව වැනුවා. අම්මා අහක බලපූ ගමන්ම දෙන්නට දෙන්නම රවාගත්තා.

"හරි, හරි ඕනි දෙයක්, දෙන්නම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න---"

අම්මාගේ විතරක් නෙමෙයි, අපි දෙන්නගේත් අවදානේ වෙනස් උනා එක පාරටම ගෙදර bell එක ring වෙන සද්දෙට.

"අනේ දෙයියනේ, Jimin වෙන්න ඇති, අනේ සුදු අම්ම වගේ මාව ඇහුවොත් මන් මැරිලා කියන්නකෝ"

මන් එහෙම කියලා කාමරේට දුවල ගිහින් හැන්ගුනා, අල්මාරිය ඇතුලේ.😂

*Jungkook POV*
"අම්මේ, නරකද අපි අක්කව doctor කෙනෙක්ට පෙන්නුවොත්, මන් කිව්වේ එයාට දැන් එන්න එන්නම මොන්ගල්"

මගේ කතාවට අම්මටත් හොදටම හිනා.

"පිස්සු කරන්නේ නැතිව ලෑස්ති වෙන්න, මන් කව්ද ආවේ කියලා බලන්නම්"

එහෙම කියලා අම්මා දොර අරින්න ගියා, මාත් ඔන්න ඔහේ එයාගේ පස්සෙන් ගියේ කන්න මොනවහරි ගන්න.

ඉස්කෝලේ යන්න කොයි වෙලේ ලෑස්ති වෙන්න බැරිද, ඒ වගේද කෑම.

හැබැයි මන් පහලට යනකොට දැක්ක දේ එච්චර හොද නෑ. Living room එකේ අම්මත් එක්ක කව්ද මනුස්සයෙක් හිටියා, ඒ මදිවට අම්ම හරිම නිශ්ශබ්දයි, හරියට shock වෙලා වගේ.

කව්ද මේ මනුස්සයා? ඇයි අම්මා මෙච්චර පුදුම වෙලා ඉන්නේ?

කුතුහලයත් වැඩිකම නිසාම මාත් පහලට ගියා, කෝකටත් කියලා. ඒත් එක්කම අක්කත් ආවා.

"කෝ අම්මේ Jimin ගියාද---"

අක්ක ඒ මනුස්සයා දැක්ක පාර නැවතුනේ ඇස් දෙක ලොකු කරන්, එයා අම්මට වඩා surprise වෙලා වගේ.

මොකක්ද මේ වෙන්නේ? ඇයි දෙන්නම මේ මනුස්සයා දැකලා මෙහෙම බය වෙන්නේ?

__________________________🖤

*****************************
Stay tuned🥀

මොකද හිතන්නේ කතාව හොදයිද??🤔හොදයි නම් vote කරලා,හොද නරක කියලා comment එකකුත් දාගෙනම යන්න හොදේ.✌

කවුරූ වෙන්න ඇතිද මේ ඇවිත් ඉන්න කෙනා, සේරම පුදුම වෙන්නේ? ඔයාලට හිතෙන දේ කියන්න බලන්න😆😆😆😆

Also thank you so much for 4k reads. I love you guys so much, thanks a lot for supporting my book:) ❤️❤️❤️❤️❤️

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now