Chapter 01

6.6K 464 116
                                    

" නම්ජුනා...."

කැබ් එකෙන් බැස්ස ගමන් පුංචි කිම් ටේහ්‍යුන් නර්සරි එක ඇතුලට දිව්වේ තමන්ට හිටිය එකම වගේම හොදම යාළුවා වන ජියෝන් නම්ජුන්ව හොයාගෙන.

" ටේ ටේ....."

තමන්ගෙ හොදම යාලුවව දැක්කට පස්සෙ නම්ජුනුත් දුවගෙන ආවා.

කිම් ටේහ්‍යුන්....කොරියාවෙ ධනවත්ම ව්‍යාපාරික කිම්ගෙ එකම පුතා. කිම් කම්පැනියේ අනාගත අය්තිකාරයා. ටේහ්‍යුන්ට අවුරුදු දෙකක් වෙද්දි එයාගෙ ඔම්ම නැති වුනේ හෘදයාබාධයකින්. පුංචි ටේහ්‍යුන් එදා ඉදන්ම තනියමය් ජීවත් වුනේ. එයාගෙ අප්පාගෙ හීනෙ වුනේ කවදාහරි ටේහ්‍යුන්වත් එයා වගේම ව්‍යාපාරිකයෙක් කරන්න. ඒත් පුංචි ටේහ්‍යුන්ට ඒ කිසි දෙයක් ගැන උනන්දුවක්වත් අවබෝධයක්වත් තිබ්බෙ නෑ. එයා ආස කලේ එයාගෙ ඔම්මගෙ පරන ගිටාර් එකේ කම්බි දිගේ ඇගිලි යවන්න විතරය්.

ටේහ්‍යුන්ගෙ අප්පා හුගක් කාර්‍යබහුල කෙනෙක් නිසා එයාට ටේහ්‍යුන් ගැන බලන්න වෙලාවක් තිබ්බෙ නෑ. එයා හිටියත් හැම වෙලේම කිව්වේ මගෙ පුතා දවසක මං වගේම හොද බිස්නස්මන් කෙනෙක් වෙන්න ඕනෙ කියලා. පුංචි කාලෙ ඉදන්ම ටේහ්‍යුන් මේ වචන ටිකට ආස වුනේ නෑ. බිස්නස්....ටේහ්‍යුන් පුක්චි කාලෙ ඉදන් ඒ දේවල් දැක්කෙ ලස්සන ජීවිතේ විනාස කරලා දාන් යක්ශයෙක් විදියට. ටේහ්‍යුන් හිතුවේ ඔම්ම මැරුනේ අප්පගෙ බිස්නස් නිසා කියලය්. ඒ නිසා තමන්ගෙ අප්පා තමන් ළඟ ඉන්නෙ නැති එක ගැන ටේහ්‍යුන් හිතින් සතුටු වුනා.

ටේහ්‍යුන් හරිම ලස්සන අහිංසක ළමයෙක්. නර්සරි එකේදි ටේහ්‍යුන් කොච්චර යාලුවො හදාගන්න හැදුවත් එයාගෙ අප්පා ඒ හැම කෙනෙක්ම ටේහ්‍යුන්ගෙන් ඈත් කලා. තත්වෙට ගැලපෙන්නෑ...අනාගතේ ලොකු බිස්නස්මන් කෙනෙක් පුංචි කාලෙදි මේ වගේ අය ආශ්‍රය කරන්න ඕනෙ නෑ... මේ වගේ එක එක හේතු කිය කියා ටේහ්‍යුන්ගෙ අප්පා එයාගෙ යාලුවො හැමෝවම එයාගෙන් ඈත් කලා. මේ හැමදේකින්ම වුනේ ටේහ්‍යුන් අවුරුදු පහක් වගේ පුංචි කාලෙක ඉදන්ම එයාගෙ අප්පට වය්ර කරපු එක විතරය්.

ජියෝන් නම්ජුන්...කොරියාවෙ තිබ්බ තවත් විශාල කම්පැනි එකක් වුනු ජියෝන් කම්පැනි අය්තිකාරයගේ වැඩිමහල් පුතා. දෙමව්පියො වගේම ලස්සන හදවතක් තියෙන බුද්දිමත් ළමයෙක්. හැබැය් ජූන්ගෙ හීනෙ වුනේ කවදා හරි තමන්ගෙ අප්පා වගේම හොද බිස්නස්මන් කෙනෙක් වෙනවා කියන එක. ජූන්ගෙ හීනෙ නිසාත් එයා හොද බිස්නස් ෆැමිලි එකක දරුවෙක් නිසාත් ටේහ්‍යුන්ගෙ අප්පා එයාට ජූන්ව විතරක් ආශ්‍රය කරන්න ඉඩ දුන්නා.

Hyung... (Completed ✔️)Where stories live. Discover now