Chapter 14

1.4K 363 208
                                    

" මොකද්ද මෙතන වෙන්නේ....?? "

හිනාවෙවී වෙනම ලෝකෙක හිටපු ජන්කුක් සහ ටේහ්‍යුන් දෙන්න ගැස්සිලා දොර දිහා බැලුවේ ඒ සද්දෙත් එක්ක. ජන්කුක් එක පාරටම ටේවත් පෙරලන් පුටුවෙන් වැටුනේ එතන හිටපු කෙනාව දැකලා.

" අ....අන්කල්......ඔයා මොනවද මෙහෙ කරන්නේ.....?? "

ටේගෙ ඇග උඩින් අය්න් වෙන්න උත්සාහා කරන ගමන් ජන්කුක් ගොත ගගහා කිව්වා. ටේහ්‍යුන් හිටියෙ හොදටම බය වෙලා. එයාගෙ ඇස් වලින් හිත වහගෙන තිබ්බ බය කොච්චරක්ද කියලා ජන්කුක් හොදටම දැක්කා. ටේහ්‍යුන් නැගිටින්න හදන ජන්කුක්ගෙ අත හය්යෙන් අල්ලගත්තෙ මොනම වෙලාවකවත් අතාරින්න එපා කියලා ඇස්වලින් කියන්න වගේ.

" හියුන් බය වෙන්න එපා.... දැන් නැගිටින්නකො....."

බය වෙන්න එපා කියන්න වගේ ලස්සන හිනාවක් ටේහ්‍යුන්ට ස්ංග්‍රහ කරපු ජන්කුක් ටේට නැගිටින්න උදව් කලා. ඒත් ඒ අත් අතෑරලා ඈත් වෙන්න දෙන්නටම උවමනාවක් තිබ්බෙ නෑ.

" ටේහ්‍යුන්.... මොකද්ද මේ නටන නාඩගම ?? කියනවා....?? "

ටේහ්‍යුන්ව හොදටම බය කරමින් එයා කෑගහන්න ගත්තා. ඔව් එයා බයෙන් හිටපු දේ ආයෙමත් වෙලා. මිස්ටර් කිම් ආපහු ඇවිත්.... ටේහ්‍යුන් මේක කොහොම මුහුන දෙය්ද...? ජීවිත කාලෙම එයා මේ දේගැන බයෙන් ජීවත් වුනා. අප්පා බලෙන් හරි බිස්නස් ටේට පැවරුවොත්...?? තමන් කොහොමද ඒ දරාගන්න බැරි පීඩනෙත් එක්ක ජීවත් වෙන්නේ....?? තමන් කොච්චර අකමැති වුනත් අප්පා මේ එයාට දෙන අන්තිම අවස්ථාව කියලා එයා හොදටම දැනගෙන හිටියා.

" අප්පා.... ඔයා මොනවද මෙතන කරන්නේ....?? කොහොමද ඔයා යුනිවසිටි එක ඇතුලට ආවේ....?? "

ටේහ්‍යුන් අමාරුවෙන් වචන ගැටගහන් කතා කලා. එයා හොදටම බය වෙලා. හැමදේම ඉවර වෙන්නද් යන්නේ....?? මිස්ටර් කිම් එයාව හොයාගෙ යුනිවසිටි එකටම ආවා කියන්නේ මේකය් අන්තිම අවස්ථාව. එයාට තමන් කැමති හැමදේම අතෑරලා අප්පගෙ කීමට නැමෙන්න වෙනවා. මියුසික්, එයාගෙ නිදහස.... ඒත් එක්කම ජන්කුක්වත්.... ටේගෙ හිත වේදනාවෙන් කෑගහන්න ගත්තේ ඒ දේ මතක් වෙද්දිය්. එතකොට මේ ජන්කුක් එක්ක ඉන්න අන්තිම වෙලාවද....?? තමන්ගෙ තුවාල වෙලා තිබ්බ හිත ඉක්මනට සනීප කරපු...තමන්ගෙ මූනට හිනාවක් ගෙනාපු... තමන්ගෙ ජීවිතේ ලස්සන කරපු පුංචි හා පැටියා එක්ක හුරතල් වෙන්න ආයෙ එයාට හම්බවෙන්නෙ නැද්ද....??

Hyung... (Completed ✔️)Donde viven las historias. Descúbrelo ahora