Chapter 21

1.4K 355 164
                                    

" ජන්කුක් ප්‍රශ්නයක් නෑ නේද....?? "

ටේහ්‍යුන් ඇහුවෙ හොදටම කලබල වෙලා ඉන්න ජන්කුක්ගෙන්. අද එයාගෙ මිඩ් යියර් ප්‍රොජෙක්ට් ඩේ එක. එයාලම කම්පෝස් කරපු සිංදු අද එයාලා පෆෝම් කරන්න ඕනේ. මීට කලින් ඕනෙ තරම් ස්ටේජ්වල පෆෝම් කරලා තිබ්බත් අද එයා කලබලය්. හුගක් කලබලය්. ජන්කුක් බැක් ස්ටේජ් එකේ එහාට මෙහාට ඇවිද්දෙ හිත පොඩ්ඩක් සන්සුන් කරගන්න. අත් දෙකත් එකට අතුල්ල අතුල්ල ජන්කුක් ඇවිදිනවා දැකපු ටේ එතනට ආවේ එයාව පොඩ්ඩක් සන්සුන් කරන්න හිතාගෙන.

" අනේ මන්දා හියුන්... මං ඕන තරම් සටේජ්වල පෆෝම් කරලා තියෙනවා. ඒත් අද කවදාවත් නැතුව මං කලබලය්...."

ජන්කුක් නලල මිරිකන ගමන් කිව්වා. ජන්කුක්ගෙ පපුවත් ගැලවිලා එලියට පය්න්න තරම්ම ගැහෙනවා. ජන්කුක්ගෙ ඇස් දිහා කෙලින් බලපු ටේහ්‍යුන් හොදින්ම දැක්කා එයා කොච්චර නොසන්සුන්ද කියලා.

" සිංදුව රෙඩි නේ....?? ඒකෙ නම් ප්‍රශ්නයක් නෑ මට විශ්වාසය්.... කිව්වා එක පාරක් හරි මට කියලා පෙන්නන්න්න කියලා. කොහෙද ලොකුකම නේ...."

ජන්කුක් දිහා ඔරවල බලන ගමන් ටේහ්‍යුන් කිව්වා.

" බෑ බෑ.... එහෙම කියන්න බෑ...."

ජන්කුක් දගල දගල පොඩි එකෙක් වගේ කිව්වා. ටේහ්‍යුන් ජන්කුක් දිහා බලාගෙන හිටියේ දැන් මම මොකද්ද කියන්න ඕනේ කියලා කල්පනා කරන ගමන්.

" ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ජන්කුක්.... මං ෆේල් කරන්නෑ බය වෙන්න එපා...."

ටේහ්‍යුන් කියද්දි ජන්කුක්ට හය්යෙන් හිනා ගියේ තිබ්බ බය ඔක්කොම නැති වෙලා යමින්.

" මං දන්නව කොහොමත් ඔයා මාව ෆේල් කරන්නෑ කියලා...."

ජන්කුක් කිව්වේ ටේට ඇහැකුත් ගහමින්. ජන්කුක්ගෙ හැසිරීමෙන් පොඩ්ඩක් කලබල වුනු ටේහ්‍යුන් හැදුවෙ ඉක්මනට එතනින් යන්න.

" එහෙනම් ප්‍රශ්නයක් නෑ නේ....?? ඕනවට වඩා හිතන්න එපා... ඕක නිකම්ම කරලා දාලා එන්න.... කොහොමත් ඔයාට ඕක නතින්...."

ජන්කුක්ගෙ කොන්ඩෙ අවුස්සපු ටේහ්‍යුන් හිනා වෙලා කියලා එතනින් යන්න හැදුවත් ආපහු එතනම නතර වුනේ ජන්කුක්ගෙ කටහඩින්.

Hyung... (Completed ✔️)Where stories live. Discover now