Chapter 07

1.7K 379 195
                                    

" හියුන්ට ඕනෙ දෙයක් තියෙනව නම් කියන්න... මං නෙ දැන් ඔයාව බලාගන්නෙ... "

ටේ දිහා බලල හුරතල් විදියට හිනා වෙමින් ජන්කුක් කතා කලා. හැබැය් ටේ නම් මේකට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ.

" බලාගන්නව කියලා අනික් කකුලත් කඩල දාය්ද කියලා මට බය..."

ටේ කතා කලේ පොඩ්ඩක් තරහින්. තමන්ගෙ වැඩ තනියම කරගන්න බැරුව ඉන්න වෙලාවෙ ජන්කුක් එයාට උදව් කරනවා....?? ටේට නම් ඒ දේ හිතාගන්නවත් බැරුව හිටියෙ.

" ඒ..... උදව් කරන්න ඉන්න මනුස්සයට ඔහොම කතා කරනවද....? ඇත්තටම අනික් කකුල කඩනව ඈ...."

ටේ කිව්ව දේට පොඩ්ඩක් තරහ ගත්තු ජන්කුක් නොරුස්සන බැල්මකින් කිව්වා. ජන්කුක් මූනත් හකුලුවන් කටත් උල් කර කර කියද්දි ටේට හිනා යන්න ආවත් එයා අමාරුවෙන් හිනාව පාලනය කරගෙන හිටියා.

" හා හා.... ඒනම් කන්න දෙයක් ගේනවා බඩගිනී...."

ජන්කුක්ගෙ හුරතලේ දරාගන්න බැරි වුනු ටේ ඕනවට එපාවට කිව්වා. ඒත් ජන්කුක් ආපහු ටේට කෑ ගහන්න ගත්තේ ටේව තවත් හිනස්සවමින්.

" යා...හියුන්... වැඩකාරයට කතා කරනව වගේ කතා කරන්නැතුව හොදට කතා කරන්නකො.... "

" දැන් මං කොහොමද අහන්න ඕනෙ...? "

ජන්කුක්ව වැඩිය ගනන් ගන්නෙ නැතුව ටේ ඇහුවා.

" මට බඩගිනී.... කන්න දෙයක් ගේන්න ජන්කුක් මල්ලී බබූඌඌඋ..... කියලා ආදරෙන් අහන්න එතකොට ගේන්නම්..."

බනී දත් දෙක පෙන්නල හිනා වෙමින් ජන්කුක් කියද්දි ටේට දැනුනෙ මුලු ඇගම හිරිවැටිල යනව වගේ.

අද හවස ඉදන් මොන විකාරයක් වෙනවද මන්දා මට... මේ කොල්ල ඇය් මෙච්චර හුරතල්....

ටේ ජන්කුක් දිහා බලාගෙන තනියම හිතන්න ගත්තා. එයාවත් දැනගෙන හිටියෙ නෑ එයාට දැනෙන දේවල් මොනවද කියලා.

" ජන්කුක් තමුසෙට නම් ටිකක් නෙමේ සෑහෙන්න පිස්සු.... යනව මට බඩගිනී...."

හිනා වෙවී ළඟ තිබ්බ කොට්ටෙ ජන්කුක්ගෙ පැත්තට විසි කරන ගමන් ටේහ්‍යුන් කෑ ගැහුවා. කෝට්ටෙ ඇගේ වදින්නැතුව බේරෙමින් ජන්කුක් කාමරෙන් එලියට දිව්වෙ ටේටත් විරිත්ත විරිත්ත හිනා වෙවී.

Hyung... (Completed ✔️)Where stories live. Discover now