" එතකොට හියුන් මාව දාලා යනවද.....???"
ඇස් දෙකේ කදුලු පුරවන් අඩන්නැතුව ඉන්න උපරිම උත්සාහයක යෙදෙන ගමන් ජන්කුක් ඇහුවා. ජන්කුක්ගෙ ඒ වචන ඇහෙද්දි ටේහ්‍යුන්ට දැනුනෙ එයාගෙ පපුව ගිනි ගන්නවා වගේ. කොහොමද එයා ජන්කුක්ගෙන් ඈත් වෙලා ඉන්නේ.....?? තමන්ටත් නොදැනිම ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා එකිනෙකාට හුගක් බැදිලය් හිටියේ.
" කුකී......"
ජන්කුක්ගෙ වචන ඇහෙද්දි ටේහ්‍යුන්ට තවත් එයාගෙ කදුලු පාලනය කරගෙන ඉන්න බැරි වුනා. ටේහ්‍යුන්ට එයාගෙ කදුලු තවත් හංගන්න උවමනා වුනේ නෑ. ටේහ්‍යුන් ඇඩුවා... ජන්කුක් එක්කම ඇඩුවා. කොච්චර ඇඬුවත් හිතේ දුක අඩු වෙන්නෙ නැහැ කියලා දැන දැනත් එයාලා ඇඩුවෙ හිතට සහනයක් දැනෙන්න ඕනෙ නිසා.
" හියුන්..... අපි දෙන්නට ඈත් නොවී මේ ප්‍රශ්නෙ විසදගන්න බැය්ද.....?? "
පැය ගානක් නිහඩවම තමන්ගෙ කදුලුවලට පිට වෙලා යන්න ඉඩ දුන්නට පස්සේ ජන්කුක් කතා කලා. ජන්කුක් ටේහ්‍යුන්ගෙ උරහිසේ ඔලුව තියාගත්තේ ඔලුවට දැනුනු බර නිසාමය්.
" වෙන විදියක් හිතා ගන්න පුලුවන්ද....? "
ටේහ්‍යුන් ඇහුවෙ තවමත් නොනවත්වා ගලන කදුලු අතරින්.
" ඒත්..... ඇය් හියුන් මෙහෙ වෙන්නේ......??? අපි කාටවත් වැරද්දක්වත් කරල නැතුව..... ඇය් අපිටම මෙහෙම වෙන්නෙ......?? "
ටේහ්‍යුන්ගෙ එක අතක් තදින් බදාගනිමින් ජන්කුක් ඇහුවා.
" වැරදි කරන මිනිස්සුන්ට නැති වෙන්න දේවල් නැහැ කුකී..... හිත් හොද අයට නැති කරගන්න බැරි දේවල් හුගක් තියෙනවා....."
ලොකු හුස්මක් පිට කරමින් ටේහ්‍යුන් කිව්වා. ප්‍රශ්න නැතුව නිදහසේ ජීවිතයක් ගත කරන්න බැරි තරමට මුලු ලෝකෙම විස පිරිලා. ටේහ්‍යුන්ට ඒ ගැන දැනුනෙ අප්පිරියාවක්.
" එතකොට හියුන්..... මට අවුරුදු දෙකක් ඔයා නැතුව ඉන්න වෙනවද.....?? "
කදුලු පිහදාන ගමන් ජන්කුක් ඇහුවෙ කිසිම හැගීමක් නැතුව. අවුරුදු ගානක් ආදරෙන් ළඟින් හිටපු ටේහ්‍යුන් නැතුව ජීවත් වෙනවා කියන එකම ජන්කුක්ට දැනුනෙ මහ වේදනාවක් විදියට.