Chapter 13

1.5K 369 158
                                    

" හියුන්..... මේ අසය්න්මන්ට්ස් මට කරන්න බෑ..... පොඩ්ඩක් උදව් කරන්නකෝ......"

ටේහ්‍ය්න් කරගෙන එන්න දුන්නු අසය්න්මන්ට්ස් කන්දට යට වෙලා හිටපු ජන්කුක් කෑ ගහන්න ගත්තේ පැත්තකට වෙලා ගිටාර් එකේ කම්බි අතරෙ ඇගිලි යවමින් හිටපු ටේගෙ අවදානය කෑලි කෑලි වලට කඩමින්. ඇස් දෙක පියාගෙන ගිටාර් එකෙන් එන හඩ විදිමින් හිටපු ටේගෙ දැහැනට බාදා වුනාම නම් ටේට ආවෙ ලොකු තරහක්.

" මොකද යටි ගිරියෙන් බෙරිහන් දෙන්නේ....? "

තරහින් ටේහ්‍යුන්ග් ඇහුවෙ ජන්කුක් දිහා බලමින්.

" මෙයා තියෙන තරම් වැඩ කරන්න දීලා පැත්තකට වෙලා හීනෙ ලෝකෙ පාවි පාවි ඉන්නවා. මට හීන ලෝකෙ පාවෙන්න තියා බාත් ටබ් එකේ පාවෙන්න වත් වෙලාවක් නෑ...."

ටේහ්‍යුන්ට රව රව කියපු ජන්කුක් තමන් ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා ආවේ ඇදේ වාඩිවෙලා ඉන්න ටේ ගාවට.

" ඒක මගෙ වැරැද්දක්ද....? ඩිග්‍රිය කරනව නම් ඔව්ව කරන්න වෙනව. නැත්තම් මට වෙන්නෙ ෆේල් කරන්න තමය්..."

ජන්කුක් දිහා බලාගෙන කියාගෙන ගියපු ටේහ්‍යුන් ආපහු එයාගෙ වැඩේට අවදානය යොමු කරන්න ගත්තා.

" හැමදාම ඔය කතාවමය්... මට පොඩ්ඩක් උදව් කලාම මොනවහරි වෙනවද....? ලෙක්චරර් ගෙදරම තියාගෙන මං මෙහෙ කටු කනවා. "

කටත් ඇද කර කර ජන්කුක් කිව්වෙ ආපහු පාරක් ටේ එයා දිහා බලල රවද්දි.

" මට උදව් කරන්න පුලුවන් නම් ඔයා නැතුව මං ඩිග්‍රිය කරනවනෙ ජන්කුක්. මෝඩ කතා කියවන්නැතුව වැඩේ කරනවා.... "

තරහ පිරුනු කටහඩකින් කියපු ටේහ්‍යුන් ආපහු එයාගෙ වැඩේට අවදානෙ දෙන්න උත්සාහ කලා. ඒත් තුන්වෙනි පාරටත් එයාගෙ අවදානෙ බිදුනෙ ජන්කුක්ගෙ සද්දෙට.

" මට බෑ දැන් රිලැක්ස් ටය්ම්... කෝ මටත් ඇහෙන්න සිංදුවක් කියන්න...."

ටේව තවත් තරහ ගස්සපු ජන්කුක් ටේ ගාවින්ම ඇවිත් වාඩි වුනා. හැමදාම වෙන්නෙ ඔය දේම තමය්. ටේ ආස නිහඩ බවට. නිස්කලංක බවට. ඒත් ජන්කුක් ඉන්න තැන කවදාවත් නිහඩ බවක්වත් නිස්කලංක බවක්වත් තිබ්බෙ නෑ. නිතරම පොඩි එකෙක් වගේ ජන්කුක් හිතට එන දේවල් ඔක්කොම වචනවලට පෙරලනවා. මුලදී ටේහ්‍යුන්ට මේක දැනුනෙ මහා කරදරයක් විදියට.

Hyung... (Completed ✔️)Where stories live. Discover now