තවත් සතියක් විතර හොස්පිට්ල් එකේ විවේක ගත්තු ටේහ්‍යුන්ට ආපහු ගෙදර එන්න අවසර ලැබුණත් එයාගෙ මානසික සෞඛ්‍යය ගැන ජියොන් පවුලට ලොකු වගකීමක් පැවරිලා තිබ්බා. ඒත් ටේහ්‍යුන් නම් හිටියේ වෙනස් අදහසක.
" ජූන් මං තවත් ඔයාලා එක්ක ඉන්න එක ඔයාලටත් කරදරයක්.... ඒ නිසා මං වෙන තැනක නතර වෙන්නම්...."
එයා නිසා ජන්කුක්ට කරදර වුනා කියන් දරුනු සිතුවිල්ල තාමත් ටේව අතෑරලා ගිහින් තිබ්බෙ නෑ. ඒ නිසය් ටේ ආපහු ජියොන් හව්ස් එකට යන්න අකමැති වුනේ. ඒත් මුලු ජියොන් පවුලම ලෑස්ති වෙලා හිටියේ ආපහු සතුටින් ටේහ්‍යුන්ව එයාලගෙ ගෙදරට පිලිගන්න.
" ඔයා අපිත් එක්ක ඉන්න එක කොහොමද ටේ අපිට කරදරයක් වෙන්නේ....?? අනික ඔයා ආපහු කිස් හව්ස් එකට යනවට මං කොහොමටවත් කැමති නෑ... මං ඒකට ඉඩ දෙන්නෙත් නෑ...."
ටේහ්‍යුන්ගෙ මුරණ්ඩු කම ගැන තරහින් හිටපු නම්ජුන් කියාගෙන ගියා. ටේහ්‍යුන්ව ආපහු ගෙදර එක්කගෙන යන්න ආවෙ ජන්කුක් එක්ක නම්ජුන්. ජන්කුක්ට නම් හොදටම තරහ ගිහින් හිටියේ.
" අනේ නෑ ජුනී... මං රෙන්ට් එකට රූම් එකක් වගේ අරන් ඉන්න බැලුවේ... එතකිට කාටවත් කරදරයක් නෑ නේ...."
ටේහ්‍යුන් හිනා වෙවී කිව්වා. ජන්කුක් නම් ටේහ්‍යුන්ගෙ මූන දිහාවත් නොබලා අහක බලාගෙන හිටියේ.
" විකාර කතා කරන්න එපා ටේ... ඔයාට එහෙම රෙන්ට් රූම් එකක ඉන්න දෙන්න පුලුවන් ද....?අනික ඔයා ඉන්න එක අපිට කරදරයක් නෑ. ඔම්මය් අප්පය් ඔයා එනකන් ආසාවෙන් ඉන්නේ...."
නම්ජුන් ටේට කොච්චර පැහැදිලි කරලා දෙන්න හැදුවත් ටේ එයාගෙ මතේ වෙනස් කලේම නෑ. හුග වෙලාවක් ටේ ජූන් දෙන්නගෙ සංවාදෙ අහන් හිටඖ ජන්කුක් තරහෙන් රවාගෙනම ඒ දෙන්නා හිටපු පැත්තට ගියා.
" හියුන් ඔයා පොඩ්ඩක් එලියට යන්නකො මේ බඩු ටිකත් අරන්... මං මෙයාව එක්කන් එන්නම්...."
ජූන් දිහා බලලා රවාගෙනම කියපු ජන්කුක් ඊලගට ටේහ්‍යුන් දිහා බැලුවේ අලුවෙ බැල්මකින්. ජන්කුක් කිව්ව දේට ඔලුව වනපු නම්ජුන් ටේගෙ බෑග්ස් ඔක්කොම අරන් එලියට ගියේ රූම් එක ඇතුලේ ටේහ්‍යුන්වය් ජන්කුක්වය් තනි කරමින්.
![](https://img.wattpad.com/cover/269168020-288-k550673.jpg)