මූනට වැටුනු සැර ඉර එළිය නිසා නින්දෙ හිටපු ටේහ්‍යුන් ඇහැරුනා. ඒ ඇස් අඩලම රතු වෙලා ඉදිමිලා. මූනම ඉදිමිලා වගේ. ඇදේ වාඩිවුනු ටේහ්‍යුන් ලොකු හුස්මක් ගත්තා. එයාට දැනුනෙ මුලු ඇගම පන නැති වෙලා වගෙය්. අතක් උස්සගන්නවත් පන තියෙනව කියලා එයාට දැනුනෙ නෑ. ටේහ්‍යුන් අමාරුවෙන් ඔලුව උස්සලා ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව ලං වෙනවා. එයාගෙ වැඩ භාර ගැනීමෙ උත්සවේට තිබ්බෙ පැය දෙකකටත් අඩු කාලයක්. වෙලාව බලපු ටේහ්‍යුන්ගෙ මූනට සමච්චල් හිනාවක් ආවෙ තමන් ගැනම දැනුනු අනුකම්පාසහගත හැගීම නිසා.
" සර්... ලොකු සර් ඉක්මනට ලෑස්ති වෙලා එන්න කිව්වා...."
කාමරේ දොර ඇරන් ආපු සර්වන්ට් කෙනෙක් එක දිගට කියාගෙන ගිහින් ඉක්මනට ආපහු කාමරෙන් එලියට ගියා. ටේහ්‍යුන්ව දැක්කම ඒ මනුස්සයත් සෑහෙන්න බය වුනා. අවුල් වුනු කොන්ඩෙ, රතු වෙලා ඉදිමුනු ඇස්, නහය ගාව කැටි ගැහිලා තියෙන ලේ බිංදු... ටේහ්‍යුන්ව දැක්කම ඕනෙම කෙනෙක් බය වෙනවා. මොකද කලින් දැක්කත් ආස හිතුනු ලස්සන කෙනා නමෙය් එතන හිටියෙ. ඇතුලින් සම්පූර්නෙන්ම විනාශ වෙච්චි කෙනෙක්.
අමාරුවෙන් අමාරුවෙ ටේහ්‍යුන් වොශ් රූම් එකට බඩගෑවේ වොශ් එකක් දාගන්න. ටේහ්‍යුන්ට එයා ඇතුලෙ ආත්මයක් තියෙනවද කියල වත් දැනුනේ නෑ. ඒ තරමට එයා හැගීමක්වත් නැති කෙනෙක් වෙලා වගෙය් හිටියෙ. හිස් මානසිකත්වෙන් හිටපු ටේහ්‍යුන් හෙමීට තමන්ගෙ පන නැති ශරීරය පිරිසිදු කරන්න ගත්තා.
"ආය්ශ්....මේ ලේ එන එක ඇය් නතර වෙන්නැත්තේ....?? "
මූන හෝදද්දි නහයෙන් ආපහු ලේ ගලන්න ගත්තු නිසා ටේහ්‍යුන් තමන්ටම කියාගත්තා. එයාගෙ කටහඩ පවා හුගක් දුර්වලය්. එයා වගේම...
අමාරුවෙන් ලෑස්ති වුනු ටේහ්‍යුන් වැදගත් විදියට ඇදගත්තා. ආපහු එයාගෙ ඇස්වලට අහු වුනේ මේසෙ උඩ තිබ්බ කෑම පිඟාන. ඒත් ඒකට එහා පැත්තෙ තිබ්බ පුංචි බොක්ස් එක දැක්කම ටේහ්‍යුන්ගෙ නතර වෙලා තිබ්බ කදුලු අලුත් වුනා.
" ජන්කුක්..... මෙච්චර දෙයක් වෙලත් ඔයා තාම මං ගැන හිතනවද....?? ඒත් මට මේව බොන්න බෑ ජන්කුක්... මට සමාවෙන්න... මට ඕනෙ ඉක්මනට හැම දේකම අවසානයක් දකින්න.... මට සමාවෙන්න...."