Chapter 24

1.5K 346 151
                                    

ජන්කුක් ටේහ්‍යුන් දෙන්න අතුත් අල්ලගෙනම ආපහු ගෙදර ආවෙ හුගක් සතුටෙන්. ගේට්ටුව ගාවට එද්දිම ටේහ්‍යුන් එක පාරටම ජන්කුක්ගෙ අත අතෑරියේ මිස්ටර් ජියොන් ගෙදර ඉන්නව දැක්ක නිසා.

" හියුන්.....?? "

ටේහ්‍යුන්ගෙ වෙනස් වීම තේරුණු ජන්කුක් කතා කලා. ටේහ්‍යුන් බයෙන් හිටපු අනික් දේ. එයා ජන්කුක්ට ආදරේ කරන එක ජන්කුක්ගෙ දෙමව්පියො කොහොම දකීවිද...? තමන්ගෙම දරුවෙක්ව වගේ තමන්ව බලාගෙන මේ වගේ දෙයක් කරන්න වීම ගැන ටේහ්‍යුන් පසුතැවුනා. එයාට දැනුනෙ ජියොන් පවුලට වරදක් කරනව වගේ. ඒත් ජන්කුක්ගෙ ඇස් ඉස්සරහ එයාට තවත් හැගීම් හිර කරන් ඉන්න බැහැ. එයාට ඊට වඩා ජන්කුක්ට ආදරෙය්.

" ආන්ටි, අන්කල්.... එයාල මොනව හිතය්ද....? මට බනිය්.... මං ගැන කලකිරීමක් ඇති වෙය්.... මං.... ඒකට බයය් ජන්කුක්...."

ටේහ්‍යුන් බිම බලාගෙන කතා කලේ අඩන්න ඔන්න මෙන්න තියෙන කටහඩකින්. තමන්ට හිටපු එකම පවුලෙත් හිත්වලට ප්‍රශ්නයක් ගෙන්නන්න වීම ගැන ටේහ්‍යුන් හුගක් දුකෙන් හිටියෙ.

" හියුන්.... ඔම්මය් අප්පය් මුකුත් හිතන්නැති වෙය්.... එයාල මං සතුටින් ඉන්නව නම් මුකුත් කියන්නෑ.... එයාල ඔයාට හුගක් ආදරෙය් නේ.... බය වෙන්න එපා...."

ටේහ්‍යුන්ගෙ අතක් තදින් අල්ලගත්තු ජන්කුක් විශ්වාසෙන් කිව්වා. ජන්කුක් හැමවෙලේම ස්තූතිවන්ත වුනා ඒ වගේ දෙමව්පියො දෙන්නෙක් තමන්ට ලැබුනට. ජන්කුක්ගෙ ජීවිතේ තීරණ ගන්න එයාල උපරිම නිදහස දීලා තිබ්බා. ටේහ්‍යුන්ගෙ අප්පා එක්ක බැලුවම තමන් කොච්චර වාසනාවන්තද කියලා ජන්කුක් නිතරම හිතුවා. ඒත් ජන්කුක් හොදටම දන්නවා... එයාගෙ ඔම්මය් අප්පය් එයාව හොදින් තේරුම් ගන්නවා කියලා. ජන්කුක්ට ඒ නිසා බයක් දැනුනෙ නැහැ.

"එන්න ඇතුලට යං... අද කට්ටියම ගෙදර... ඔහොම මූන එල්ලන් ඉන්න එපා හියුන්... එයාලටත් දුක හිතෙය්.... "

ජන්කුක් හිනා වෙලා ටේහ්‍යුන්ගෙ හිත හැදෙන්න කතා කලා. ටේහ්‍යුන් ආසාවෙන් බලාගෙන හිටියෙ හිනාවෙද්දි දිලිසෙන ජන්කුක්ගෙ ඇස් දිහා.

" ඔයා මායාකාරයෙක්ද ජන්කුක්....?? එක වචනයක් ඇති මුලු හිතම හැදෙනවා...."

Hyung... (Completed ✔️)Where stories live. Discover now