Author Note ❤️

1.3K 290 347
                                    

ඉතින් රීඩර්ස්....🙂

මගෙ සෙකන්ඩ් ශිප් ff එක අද ඉවර වුනා. Hyung මං හුගක අසාවෙන් ලියපු කතාවක්. කතාව ගැන ඔයාල සතුටුද....? කතාව ගැන හිතුනු දේ මට අනිවාරෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. මං ආසාවෙන් බලන් ඉන්නවා.🙂

මං කතාවෙන් කියන්න හැදුවෙ ආදරය... එහෙමත් නැත්තම් රිලේශන්ශිප් එකක් මං දකින විදිය. මගෙ දැක්මට අනුව අවබෝදය, විශ්වාසය මේ දෙක තමය් ශක්තිමත් ආදරයක පදනම. මං කතාවට බේස් කරගත්තේ ඒ දෙකය්. මං හිතන්නෙ මං ඒ දෙක කතාවට එකතු කරලා සාධාරණයක් කරන්න ඇති කියලා.

මුලින් නම් මට මිස් සේහි කෙනෙක් කතාවට ගේන්න උවමනාවක් තිබ්බෙ නැහැ. මට කතාව ලියාගෙන යද්දි තමය් මං දැක්ක සිද්ධියක් මතක් වුනේ. ශක්තිමත් ආදරයකදි අවබෝධයය් විශ්වාසය් වැදගත් කියලා පෙන්නන්න ඒක හොද අවස්තාවක් කියලා මට හිතුනා. ඒකය් මං ඒ වගේ දෙයකුත් කතාවට එකතු කලේ.

මං යන්නෙ මික්ස් ස්කූල් එකකට. ගර්ල්ස් බෝය්ස් දෙගොල්ලොම ඉන්නවා. මට ස්කූල් එකේදි හම්බවුනු අක්ක කෙනෙක් අපිට ඉස්සර කියලා තිබ්බ එයාට බෝය්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. ඒත් සති දෙකකින් විතර එයාම අපිට කියනවා එයාට ස්කූල් එකේම වෙන ක්‍රශ් එකක් ඉන්නවා කියලා. බෝය්ෆ්‍රෙන්ඩ් එක්ක තිබ්බ අෆෙයා එකට මොකද වුනේ කියලා ඇහුවම ඒ අක්කගෙ උත්තරේ වුනේ එයා දැන් ජොබ් එකක් කරනවා. මාත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ. මාස ගානකින් හම්බවෙලත් නැහැ. අපි දැන් කොහොමත් බ්‍රේකප්වෙලා වගේ තමය් කියලා.

මං ඒ කාලෙ හුගක් පුංචි 😂😂 දැන් තමය් ඒ දේවල් මතක් වෙද්දි හුගක් අය ස්කූල් කාලෙදිම අෆෙයා එකක් අටන් ගන්නෙ කිසිම තේරුමක් නැතුව කියලා හිතෙන්නේ 😅

මං මෙහෙම කිව්වා කියලා කවුරුත් මාත් එක්ක තරහ වෙන්න එපා ඉතින්. ආදරේක තියෙන්නම ඕනෙ දේවල් කියලා හිතුනු දේවල් තමය් මං මේ කතාවෙන් පොඩ්ඩක් මතු කරලා පෙන්නන්න හැදුවේ. මං ඒක හරියට කලා කියලා විශ්වාස කරනවා 🙂

ඔයාලා මාත් එක්ක එකගත් නැතුවැති. සමහර විට මේක නිකන්ම ෆික්ශන් එකක් විදියට කියවන්නත් ඇති. ඒක ඔයාලගෙ කැමැත්ත. ඒත් මං හිතනවා මං හොදට කතාව ලියලා ඉවර කලා කියලා 🙂

එව්ව අමතක කරලා දාලා කතාව ගැන ඔයාලට හිතුනු දේවල් ලොකුම ලොකු කමෙන්ට් එකකින් මට කියන්න හරිද 🙂

එහෙනම් අදින් පස්සේ Hyung කතාවත් ඉවරය්. මටත් දුකය් හුවෑ 😭😭😭

අදින් පස්සෙ ඕතර් දවස් තුන හතරක නිවාඩුවක් ගන්නවා 🙂 ටික දවසකින් Autumn Leaves ලියන්න පටන් ගන්නම්.

Autumn Leaves එච්චර ලස්සනද දන්නෙ නැහැ. ඒත් ඔයාල ඒක එක්කත් මේ වගේම ඉදී කියලා හිතනවා.

එතකොට Autumn Leaves තමය් මේ අකවුන්ට් එකෙන් පබ්ලිශ් වෙන්න අන්තිම දිග කතාව 🙂 ආය් ඉතින් දිග කතාවක් කියවන්න 2023 ඉවර වෙනකම් ඉන්නව වෙනවා 🙂💔 ඉදලා හිටලා වන් ශොට්ස් අප්ඩේට් වෙය් 🙂🙂

එහෙනම් අදින් Hyung ඉවර වෙනවා. මෙච්චර කල් කතාවත් එක්ක හිටපු හැමෝටම හුගක් ස්තූතිය් 🙂❤️ඔයාලගෙ කමෙන්ට්ස් වෝට්ස් වලින් මට හැමවෙලේම කතාව ලියන්න ලොකු අප් එකක් ආවා. ඒ හැමදේටම හුගක් තැන්කූ ❤️❤️

මං හරි ආසය් මේ කතාවට එන කමෙන්ට්ස් කියවන්න 🙂🙂 ආයෙ ඉතින් එව්ව නෑ කියලා මතක් වුනාම 🙂💔

ටය්පින් මිස්ටේක්ස් වලට සමාවෙන්න 🙂

අද වෙද්දි Hyung කතාවට 13K views & 4K votes 🙂❤️ මේ කතාව පටන් ගනිද්දි මෙච්චර දෙයක් නම් ඇත්තටම බලාපොරොත්තු වුනේ නැහැ. හුගක් සතුටුය් 😭😭 හැමෝටම හුගක් ආදරෙය් ❤️❤️

එහෙනම් ආපහු මෙච්චර දවස් මාත් එක්ක හිටපු හැමෝටම තැන්කූ 😭❤️

එහෙනම් ඕතර් යනෝ බය් බාය් 😭😭

මෙච්චර දවස් මේ කතාව කියවපු කමෙන්ට්ස් වෝට්ස් කරපු හැමෝටම හුගක් ආදරෙය් ❤️❤️ හුගක් තැන්කූ ❤️❤️

Stay Safe

Love u all ❤️❤️

crazy_sv

Hyung... (Completed ✔️)Where stories live. Discover now