Chapter 04

1.7K 397 126
                                    

" ඉතින් ටේ... දැන් මොනවද ප්ලෑන්ස්...."

ජියොන් හව්ස් එකට යන ගමන් ජූන් ටේගෙන් ඇහුවා. ටේහ්‍යුන් ග්ලාස් එකෙන් එහා පැත්ත බලාගෙන කල්පනා ලෝකෙක ගිලිලය් හිටියේ.

" මං කැමති විදියට ඉන්න එක....."

ලොකු හුස්මක් පිට කරමින් ටේහ්‍යුන් කතා කලා. පුංචි කාලෙ ඉදන් නිදහසක් ආදරයක් නැතුව ටේ විදවපු හැටි ජූන් හොදටම දන්නවා. එයා නිතර උත්සාහ කලේ ටේට ලස්සන මතක දීලා එයාගෙ ජීවිතේ ලස්සන කරන්න.

" අප්පට කතා කලාද...? "

" හ්ම්ම්....."

" මොකද එයා කියන්නේ....? "

ජූන් හිමීට ඇහුවේ අප්පගෙ ප්‍රශ්න නිසා ට්‍රෙහ්‍යුන් ඉන්නෙ හුගක් වේදනාවෙන් කියලා දන්න නිසා. ටේහ්‍යුන් කතා කලේ හිතේ ලොකු වේදනාවක් පුරවගෙන. එයාට හිතේ තියෙන දේවල් ඔක්කොම් කියන්න පුලුවන්කමක් තිබ්බෙ ජූන් එක්ක විතරය්.

" මට ටික දවසක් නම් මෙහෙම ඉන්න පුලුවන් වෙය්... ඒත් ළඟදිම.එයා මගෙන් එයාට ඕන දේ කරගනී...."

ටේ කතා කලේ කලකිරීමෙන්. තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනෙ විදියට විදින එයාගෙ සම වයසෙ ලමය් දිහා බල බලා ටේහ්‍යුන් හැමදාම හීල්ලුවා. කවදා එයාට ඒ වගේ සතුටින් නිදහසේ ඉන්න පූවන් වෙය්ද...?

" අප්පා ඔයාගෙම හොදටනෙ ටේ මේ දේවල් කරන්නේ...? ඒත් මට තේරෙන්නෑ ඇය් ඔයා බිස්නස්වලට මෙච්චර අකමැති කියලා...."

ජූන් කෙලින්ම එයාගෙ ප්‍රශ්නෙ යොමු කලා. මෙච්චර දක්ශ බුද්දිමත් කොල්ලෙක් වෙලත් ටේහ්‍යුන් බිස්නස්වලට වෛර කරනවා. ජූන්ට තිබ්බෙ ප්‍රශ්නයක්...

" ජුනී දන්නවද මගෙ ඔම්මා මොනවා කරපු කෙනෙක්ද කියලා...? "

ටේහ්‍යුන් අහද්දි ජූන් ඔලුව දෙපැත්තට වැනුවෙ ඒ ගැන දන්නෙ නැහැ කියන්න.

" එයා මියුසික් වලට හුගක් ආදරේ කරපු කෙනෙක්. මියුසික් තමය් එයාගෙ ජීවිතේම වුනේ. එයා අය්ඩල් කෙනෙක් වෙන්න හුගක් ආස කලා. ඒත් ඔම්මගෙ අප්පා අකමැති වුනු නිසා එයා යුනිවසිටි ලෙක්චර් තනතුරින් නතර වුනා. ඒත් ඔම්මා එයාගෙ ජීවිතේම මියුසික් කරගෙනය් හිටියේ. ඔම්ම අප්පව මැරි කලාට පස්සේත් එයා හැමවෙලේම මියුසික් එක්කම ජීවත් වුනා. ඒත් ඔප්පගෙ බිස්නස් එන්න එන්න දියුනු වෙද්දි අප්පා හිතුවේ ඔම්මගෙ මියුසික් වැඩ එයාගෙ ප්‍රතිරූපෙට හානියක් කියලා. ඒ නිසා අප්පා ඔම්මගෙ මියුසික් හැමදේම තහනම් කලා. ආයෙ ඔම්මට සිංදුවක්වත් කියන්න පුලුවන් වුනේ නෑ...."

Hyung... (Completed ✔️)Where stories live. Discover now