Chapter 10

1.6K 358 84
                                    

නහයෙන් ලේ පෙරාගත්තු ටේහ්‍යුන් ජන්කුක්ගෙ ඇග උඩට වැටුනෙ සිහි නැතුව.

" හියුන්.....?? හියුන්.... අනේ මොකද මේ....?? "

හොදටම බය වුනු ජන්කුක් කෑගහන්න ගත්තා. ටේගෙ අප්පා ඇවිත් කියලා ගියපු දේවල් නිසා ටේටලොකු දුකක් දැනෙන්න ඇති කියලා ජන්කුක් හිතුවත් මේ වගේ දෙයක් වෙය් කියලා එයා කීයටවත් හිතුවෙ නෑ.

"හියුන්..... අනේ...... මාව බය කරන්න එපා.... අනේ කතා කරන්නකෝ..... හියුන්....."

ජන්කුක් හිටියෙ අඩන්න ඔන්න මෙන්න. ටේගෙ ලේ අතින් පිහදාන ගමන් ජන්කුක් ටේව නැගිට්ටවන්න උත්සාහ කලා. ඒත් ටේ හිටියෙ හුගක් අමාරුවෙන්. ජන්කුක් ඉක්මනට ටේව හොස්පිට්ල් එකට එක්කගෙන ගියේ ජූන්ටත් කතා කරලා විස්තර කියමින්.

******

"හියුන් මං දන්නෙ නෑ මොනව වුනාද කියලා..... එකපාරටම අන්කල් කිම් ඇවිත් හියුන්ට හය්යෙන් බැන්නා.... හියුනුත් තරහින් කෑ ගැහුවා.... ඊට පස්සෙ හියුන් නහයෙන් ලේ පෙරාගෙන ෆේන්ට් වුනා... අනේ හියුන් ටේ හියුන්ට ප්‍රශ්නයක් නෑ නේද.....?"

හොදටම බය වෙලා හා ටපු ජන්කුක් ජූන්ව බදාගෙන අඩන්න ගත්තෙ ටේ හොස්පිට්ල් එකේ තාම සිහිය නැතුව ඉද්දි.

" බයවෙන්න එපා ජන්කුක් ටේට මුකුත් වෙන්නෑ.... ඔයා එතන හිටියෙ නැත්තම් තත්වෙ මීට වඩා දරුනු වෙන්න තිබ්බා. "

ජන්කුක්ව සනසවන්න උත්සාහ කරමින් ජූන් කතා කලා. ඒත් ජන්කුක් ඒ වෙලාවෙ කොච්චර බය වුනාද කියලා දන්නෙ එයාම විතරය්. නහයෙන් ලේ පෙරන් තමන්ගෙ ඇගට බරවෙලා ටේහ්‍යුන් ඉද්දි ජන්කුක්ට දැනුනෙ කියාගන්න බැරි බයක් වගේම වේදනාවක්. මුලු පපුවම පිච්චිලා යනව වගෙය් එයාට දැනුනේ. තාමත් ජන්කුක්ගෙ ඇස් ඉස්සරහ ටේගේ මූන මැවි මැවී තිබ්බා. ආයෙ කවදාවත් ටේව ඒ විදියට දකින්න නොලැබේව කියලය් එයා කල්පනා කලේ.

" හියුන්.... ඔයා දන්නවද ටේ හියුන්ට එක පාරටම මෙහෙම වෙන්න හේතුව.....? "

කදුලු පිහදාගත්තු ජන්කුක් ජූන්ගෙන් ඇහුවෙ බැරෑරුම් මූනක් මවාගෙන. හැමදාම රෑට ටේ බයවෙන එකය් මේකය් අතරෙ සම්බන්දයක් ඇති කියලා ජන්කුක්ගෙ හිත කිව්වා.

Hyung... (Completed ✔️)Where stories live. Discover now