Chapter 12

1.5K 369 87
                                    

ටේ ජන්කුක් දෙන්න ලෑස්ති වුනේ ටික දවසකට පස්සෙ ආපහු යුනි යන්න.  ටේට අසනීප වුනු නිසා දවස් කීපයක්ම ජන්කුක්ට ලෙක්චර්ස් මගහැරුනා. ටේ නම් ඒකට හිටියෙ පොඩ්ඩක් තරහෙන්. ජන්කුක් නම් කිව්වෙ ටේ ඉන්න නිසා මුකුත් මිස් වෙන්නෙ නෑ කියලා.

" මං නැති දවස් ටිකේ හිටපු ලෙක්චරර් ගෙන් මං කරපු වැඩ ටික ඉල්ලගත්තා. මේ ටිකත් කරනවා...."

කොල ගොඩ ගැහිලා තිබ්බ ජන්කුක්ගෙ මේසෙ උඩින් තව කොල මිටියක් ගෙනත් තියන ගමන් ටේ කිව්වා. ජන්කුක්ගෙ මැලවිලා තිබ්බ මූන තවත් මැලවුනේ ඒ කොල ගොඩ දැක්කම.

" අනේ හියුන්.... මට මේ ඔක්කොම තනියම කරන්න බෑ පොඩ්ඩක් උදව් කරන්නකො...."

ජන්කුක් කෙදිරි ගෑවෙ පොඩි එකෙක් වගේ. ටේට හිනා යන්න ආවත් එයා කිසිම හැගීමක් දැනීමක් නෑ වගේ පිටට පෙන්නුවා.

" මංද ඩිග්‍රිය ගන්නෙ තමුන්ද....?? ඔය ටික කරනවා පොඩි එකෙක් වගේ කෙදිරි ගාන්නැතුව...."

ටේහ්‍යුන් මූනටම දමල ගහනව වගේ කියලා ජන්කුක්ට රවන්න ගත්තා.

" හියුන් එක පාරට ඔයාගෙ වයර් මාරු වෙනවද....?? වෙලාවකට හුරතල් වලස් පැටියෙක් වගේ ආදරෙන් කතා කරනවා. තව වෙලාවකට කොටි හපුවෙක් වගේ කන්න පය්නවා. "

ජන්කුක් කටත් උල් කරගෙන ඇස් දෙකත් බෝල කර කර කියන්න ගත්තා. ටේහ්‍යුන් ජන්කුක් දිහා විනාඩි ගානක් ඇහිපිල්ලම් ගහන්නැතුව බලාගෙන හිටියෙ මුකුත් කියන්නැතුව.

" ආ....මේ.... මට ද හාවො වලහය් කොටියය් කිව්වෙ මං ෆේල් කරනව තමුන්ව දැනගන්නවා....."

නින්දෙන් ඇහැරිලා වගේ එක පාරට ටේහ්‍යුන් කියවගෙන ගියේ ජන්කුක් තවත් ඇස් බෝල කර කර බලද්දි.

" හියුන්ට මොකක් හරි වෙස් මාරුවෙන ලෙඩක් තියෙනවා. ඒක තමා ඔය...."

ආපහු වැඩේට අවදානෙ යොමු කරන ගමන් ජන්කුක් තමන්ටම කියාගත්තා. ටේ නම් හිටියෙ සෑහෙන්න නොසන්සුන් වෙලා.

******

" හියුන් බේත් ටික බිව්වද.....? "

උදේම යුනි යන්න ලෑස්ති වෙමින් හිටපු ටේහ්‍යුන් ගාවට ආපු ජන්කුක් අහද්දි ටේ නිකන්ම හිනා වුනා විතරය්. ටේගෙ අසනීප තත්ත්වෙ නිසා හොස්පිට්ල් එකෙන් එයාට සැර බේත් දීලය් තිබ්බෙ. ටේ ඒ බේත් බොන්න අකමැති කියලා දන්න නිසාම ජන්කුක් හැමවෙලේම ටේගෙ බේත් වේල් ගැන හොයලා බැලුවා. හරියට වෙලාවට ටේට කන්න දීල බේත් පොවලා ජන්කුක් ටේව බලාගත්තෙ පුංචි බබෙක්ව පරිස්සම් කරනවා වගේ.

Hyung... (Completed ✔️)Where stories live. Discover now