Chapter 19

1.5K 361 156
                                    

ටේහ්‍යුන්ග්ට සිහිය ආවේ කන්ෆරන්ස් එකට දවස් හතරකට විතර පස්සේ. ඒ දවස් හතරම ජන්කුක් ටේහ්‍යුන් ළඟින් හෙල්ලුනේවත් නැහැ. කෑම කන එක පවා ජන්කුක් අමතක කරලා පරිස්සමට ටේහ්‍යුන්ව බලාගත්තා.

ටේහ්‍යුන්ට සිහි නැතුව හිටපු කාලය තුල මුලු ජියෝන් පවුලම ටේහ්‍යුන් වෙනුවෙන් තව එක අවස්ථාවක් දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා. ටේහ්‍යුන්ට කවදාවත් කිම් පවුලෙන් නොලැබුණු ආදරේ තාමත් ජියොන් පවුල එයාට දෙන්න සූදානමින් හිටියා. ජියොන් පවුල මෙච්චර විඳවන ටේහ්‍යුන්ව හැමදේකටම වැරදිකාරයා කරන්න තරම් මෝඩ වුනේ නෑ.

ටේහ්‍යුන්ට සිහිය ආවම ජන්කුක්ට දැනුනේ කියාගන්න බැරි සතුටක්. ඩොකටර් ඇවිත් ටේහ්‍යුන්ට සිහිය ආවා කිව්වම ජන්කුක් වොශ් රූම් එකට ගිහින් සෑහෙන වෙලාවක් තනියම කෑ ගහලා ඇඩුවා. හිතේ තිබ්බ ලොකු ගින්දරක් නිවිලා ගියා වගෙය් එයාට දැනුනේ.

අඩලා අඩලා හිත සැහැල්ලු කරගත්තු ජන්කුක් ඉක්මනට ගියේ ටේහ්‍යුන්ගෙ රූම් එකට. ජන්කුක් යද්දි එතන නම්ජුන් මිසිස් ජියොන් වගේම මිස්ටර් ජිනුත් හිටියා.

" ජන්කුක්.... කොහෙද මෙච්චර වෙලා හිටියේ....?? "

ඇසුත් රතු කරන් එන ජන්කුක් දිහා බලපු මිස්ටර් ජියෝන් ඇහුවා. ඔලුව උස්සලවත් නොබලපු ජන්කුක් බිම බලාගෙනම උත්තර දුන්නා.

" ආ.... අප්පා මං ටිකකට එලියට ගියා.... හියුන්ට සිහිය ආවද....?? "

තමන් ඇඩුවා කියලා කියන්න බැරි කමට ජන්කුක් කිව්වා. ජන්කුක් ඇඩුවෙ දුකට නෙමේ. සතුටු මිශ්‍ර වුනු වේදනාව නිසා. ටේහ්‍යුන්ගෙ සුදු මැලි මූන දකිද්දි ජන්කුක්ට දැනුනු වේදනාව එයා අන්තිමට එක පාරින් කදුලු විදියට පෙරලුවා.

" ඔව් එයාට සිහිය ආවා.... ඔයාව ඇහුවා කොහෙද හිටියෙ නෑ නේ...."

නම්ජුන් ඇහුවෙ ජන්කුක් දිහා ඇස් රෝල් කරලා බලමින්. ජන්කුක් ලාවට හිනා වෙලා ආපහු බිම බලාගත්තා.

" අපි කිව්වා ඉතින් දවස් ගනන් නිදි මරාගෙන මලක් වගේ පරිස්සම් කරපු හැටි එහෙම...."

මිසිස් ජියොන් ජන්කුක් දිහා බලලා ඇහැක් ගහන ගමන් කිව්වා.

" යා....ඔම්මා..... විකාර කරන්න එපා...."

Hyung... (Completed ✔️)Where stories live. Discover now