ටේ කොරියාවට ඇවිත් දැන් සතියක් විතර වෙනවා. ජූන්ගෙ බලකිරීම නිසාම ටේහ්‍යුන්ග් ජියෝන් හව්ස් එකේ නතර වෙන්න තීරනය කලා. ඒත් ජන්කුක්ගෙය් ටේගෙය් එකට එක කිරීම් නම් වෙනස් වුනේ නෑ. මොකද්දෝ හේතුවකට ජන්කුක්ට ටේවත් ටේට ජන්කුක්වත් පේන්න බැරි වුනා. ඒකට හේතුවක් දෙන්නටම තිබුනෙ නෑ.
ජන්කුක්ට ලබන සතියෙ ඉදන් යුනිවසිටි පටන් ගන්නවා. ටේහ්‍යුන්ටත් සෝල් යුනිවසිටි එකේ මියුසික් ලෙක්චරර් පෝස්ට් එක ලැබුනා. ටේහ්‍යුන් හුගක් සතුටෙන් හිටියේ. එයාට ආස දේ කරන්න පුලුවන් වුන නිසා. ඒත් ජන්කුක් නම් මේ දේට පොඩ්ඩක්වත් කැමැත්තෙන් හිටියෙ නෑ.
" කොහොමහරි ඔයා තමන්ට ඕන දේ ලං කරගන්නව නේද ටේ..."
බැල්කනි එකට වෙලා කල්පනා කර කර හිටපු ටේ ලගට එන ගමන් ජූන් ඇහුවෙ ටේව කල්පනා ලෝකෙන් මුදවමින්. ටේ ජූන් දිහා බලලා ලස්සනට හිනා වුනේ එයා මේ ගෙවන නිදහසට ජූනුත් හේතුවක් නිසා.
" ඒත් මේ නිදගස තව කොච්චර කාලයක් තියෙය්ද? අප්පා නම් කවදාවත් මට ඕනෙ විදියට ඉන්න දෙන්නෙ නෑ...."
ටේහ්‍යුන් හුස්මක් හෙලමින් කතා කලා. කොච්චර සතුටින් නිදහසේ හිටියත් ඊලග මොහොතේ අප්පා ඇවිත් ඒ හැම සතුටක්ම විනාශ කරය් කියන බය ටේ ගෙ හිතේ නිතරම තිබ්බා.
" අප්පා එදය්න් පස්සෙ ආයෙ කතා කලේම නැද්ද....? "
" ම්ම්හ්... තාම නෑ... ඒත් එයා ළඟදිම ආපහු එය්. මට ඒක නම් හොදට දැනෙනවා..."
ටේ කතා කලේ බයෙන්. මේ නිහහස තව කී දවසකටද...? අප්පා ඇවිත් හැමදේම එක තප්පරෙන් විනාශ කරලා දාය්.
" වර්තමානයෙ ජීවත් වෙමු ටේ. අනාගතේ වෙන්න තියෙන දේ ගැන දැම්ම හිත හිත දුක් වෙවී මේ මොහොතෙ ගත කරන්න තියෙන සතුට නැති කරගන්න එපා. ඉස්සරහට මොන දේ වුනත් ඔයා දැන් ඔයාට ඕන විදියට ඔයාගෙ ජීවිතේ විදින්න. "
ජූන් ටේගෙ කරවටේ අතක් දාලා කතා කලේ ටේට එයාගෙ ඩිම්පල් හිනාවෙන් සංග්‍රහ කරමින්. ජූන්ගෙ වචනවලින් ටේහ්‍යුන්ට ඇත්තටම දැනුනෙ සහනයක්. අතීතෙවත් අනාගතේවත් නැතුව වර්තමානෙ ජීවත් වෙන්න. එතකොට ජීවතේ තවත් ලස්සන කරගන්න පුලුවන් වෙය්.
![](https://img.wattpad.com/cover/269168020-288-k550673.jpg)