Chapter 26

1.3K 329 61
                                    

කාලය ගත වුනේ හරිම ඉක්මනට. ඒත් ගතවුනු හැම දවසක්ම ටේහ්‍යුන්ගෙ වගේම ජන්කුක්ගෙ ජීවිතවල ලස්සනම දවස්. කාලය ඉක්මනට ගෙවිලා ගියේ ජන්කුක්ව දෙවෙනි වසරෙ ඉගෙනීම් එක්ක කාර්‍යබහුල කරමින්.

ටේහ්‍යුන්ගෙය් ජන්කුක්ගෙය් සම්බන්දෙ යුනිවසිටි එකේ කාටවත් නොදැනෙන්න පවත්වගන්න දෙන්නටම පුලුවන් වුනා. මුලු යුනි එකම හිතුවෙ ජන්කුක්ව ටේහ්‍යුන් වෙන අයට වඩා ළඟින් ආශ්‍රය කරන්නේ ඒ තමන්ගෙ හොදම ගෝලයා නිසා කියලය්.

මිස්ටර් කිම් ගතවුනු මාස කීපය තුල ටේහ්‍යුන් ගැන හෙව්වෙවත් නැති තරම්. එයා ආපහු කිසිම දවසක් ටේහ්‍යුන්ගෙ ඉස්සරහට ආවෙ නැහැ. කාලයත් එක්ක ටේහ්‍යුන්ගෙ අදහස්වල ලොකු වෙනසක් සිද්ද වුනා. එයා ආයෙ මිස්ටර් කිම් ගැන හිත හිත බය වුනේ නැහැ. මිස්ටර් කිම් වුනත් හැසිරුනේ තමන්ට පුතෙක් නොහිටය ගානට. ටේහ්‍යුන් නම් හිතින් ඒ ගැන හුගක් සතුටු වුනා.

" හොදම ගෝලයා එක්ක වැඩ කොහොමද....? "

බැල්කනි එකට වෙලා ගිටාර් ප්ලේ කරමින් හිටපු ටේහ්‍යුන් ගාවට එන ගමන් නම්ජුන් ඇහුවෙ හිනාවෙමින්. ටේහ්‍යුන් හිතාගෙන හිටියෙ යුනිවසිටි යියර් එන්ඩ් කොන්සට් එකේදි ජන්කුක් එක්ක ඩුවට් එකක් සින්ග් කරන්න. ඒ දෙන්නගෙ තියෙන්නේ ගුරු - ගෝල සම්බන්දයක් කියලා හැමෝම දන්න නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ටේහ්‍යුන් දැන් ප්ලේ කර කර හිටියෙත් ඒ සිංදුව.

" ගෝලයා එක්ක ලේසි නෑ....."

නම්ජුන්ට හිනාවෙන්ම උත්තර දුන්නු ටේහ්‍යුන් ගිටාර් එක පැත්තකින් තිබ්බේ හිනාවෙවීමය්.

" මෙච්චර කල් ගිහිනුත් යුනිවසිටි එකේ කවුරුත් ඕක දැනගත්තෙ නැති එකය් පුදුම...."

නම්ජුන් හිනා වෙවීම කිව්වා. ඇත්තටම පුදුමය්.... ඒ එයාලා සමාජය පිලිගත්තු කපල් එකක් වගේ හිටපු නැති නිසා වෙන්න ඇති. ආදරේ කරද්දි කරන්නම ඕනේ කියලා සමාජය පිලිගත්තු දේපල් එයාලා කරේ නෑ. උපන් දිනේට දොලහට විශ් කරලා එයාලා ආදරේ පෙන්නුවෙ නැහැ. ලොකු ගනන් පර්ෆියුම් එකකින් එයාලා ආදරේ පෙන්නුවෙ නැහැ. ලොකුවට තමන්ගෙ කියලා ලෝකෙට පෙන්නන්න නොගියට සාමාන්‍ය ආදරවන්තයොන් අතර තියෙනවට වඩා හුගක් වෙනස් ලස්සන ආදරයක් ඒ දෙන්නා අතර තිබ්බා.

Hyung... (Completed ✔️)Where stories live. Discover now