ටේහ්‍යුන් මැනේජ්මන්ට් ඔෆිස් රූම් එකෙන් එලියට බැස්සෙ සිහියක් පතක් නැතුව. එක පාරටම සිද්ද වුන දේ එයාගෙ හිතට බර වැඩිය්. ටේහ්‍යුන් ජන්කුක් එක්ක හුගක් සතුටින් හිටියා. කාටවත් කරදරයක් නොකර ඒ දෙන්න සතුටින් ජීවත් වුනා. ඒත්.... එක පාරටම එයාලගෙ ලස්සන ජීවිතේ දෙදරලා ගියේ මොන හේතුවක් නිසාද....?
ටේහ්‍යුන් යුනිවසිටි එකෙන් එලියට ගියේ යන්නෙ කොහෙද කියලවත් තේරුමක් නැතුව. කවුරුත් නැති නිස්කලංක පැත්තටක එයාටම නොදැනී එයාගෙ කකුල් එයාව එක්කන් ඇවිත් තිබුනා. ටේහ්‍යුන් ගහක් යට තිබුන අබලන් බංකුවක ඉදගෙන ඔහේ කල්පනා කරන්න ගත්තා. එයාගෙ කම්මුල් දිගේ නොනවත්වාම කදුලු ගලාගෙන යන්න ගත්තා. ටේහ්‍යුන් ගන්න තීරනය මත තමය් එයාගෙ වගේම ජන්කුක්ගෙත් ජීවිත රැදිලා තියෙන්නේ....
තමන් දැන් කරන්න ඕනෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව ටේහ්‍යුන් හුගක් වෙලා අහස දිහා බලාගෙන කල්පනා කලා. එයාගෙ මතකෙට ආවෙ ජන්කුක්ගෙ ලස්සන හිනාව. ඒ හිනාවෙන් පොඩ්ඩක් හරි ඈත් වෙලා ඉන්නව කියන එක ටේහ්‍යුන්ට දරාගන්න අමාරු ලොකු වේදනාවක්. ඒත් දැන් එයාට ඒක කරන්න වෙනවා.....
කොච්චර කල්පනා කලත් ටේහ්‍යුන්ට හිතාගන්න පුලුවන් වුනේ එක උත්තරයය්. ජන්කුක්ගෙන් ඈත් වෙන එක. සදහටම නෙමෙය් වුනත් ඊල අවුරුදු දෙක එයාට ජන්කුක්ගෙන් ඈත් වෙන්න වෙනවා. ජන්කුක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක්වත් තමන් කරන්න ඕනෙ කියලා හිතලා ටේහ්‍යුන් එයාගෙ හිත හදාගත්තා.
" එකතු වෙලා උත්තර හොයමු...."
ටේහ්‍යුන්ගෙ ඔලුවට ආවෙ එදා පාක් එකේදි ජන්කුක් කිව්ව වචන. මොන ප්‍රශනය ආවත් දෙන්නට දෙන්නා ඒ ප්‍රශ්නෙ බෙදාගෙන උත්තර හොයන්න පුරුදු වෙලා හිටියා. තනියම හෙව්ව උත්තරවලට වඩා දහස් ගුණයකින් සාර්තක උත්තර ඒ දෙන්නටම එකතු වෙලා හොයාගන්න පුලුවන් වුනා. තමන් තනියම හොයපු උත්තරේ ජන්කුක් කොහොම භාරගනීවිද....?? මොන දේ වුනත් නිදහසේ ජන්කුක් එක්ක කතා කරන එක හොදය් කියලා ටේහ්‍යුන් තේරුම් ගත්තා. ඒත් එයාට එක දෙයක් විශ්වාසය්..... ඊට වඩා හොද උත්තරයක් හම්බවෙන්නෙ නෑ කියලා ටේහ්‍යුන් හොදින්ම දැනගෙන හිටියා.
![](https://img.wattpad.com/cover/269168020-288-k550673.jpg)