Chapter 03

1.8K 399 125
                                    

20 Years After....

අවුරුදු පහේදි මිස්ටර් කිම් බලෙන්ම ඇමෙරිකා යවපු කිම් ටේහ්‍යුන් අද.... අවුරුදු 20 කට පස්සෙ ආපහු එයාගෙ මව් රටට එනවා. පුංචි කාලෙ ඉදලා තනියම හැදුනු නිසා ටේහ්‍යුන් ලොකු වෙන්න ලොකු වෙන්න පෙන්නුවෙ තද ගති. පුංචි වයසෙදිම අප්පා එයාගෙ හැම සතුටක්ම උදුරගත්තු එක ගැන එන්න එන්නම එයාගෙ හිතේ ලොකු තරහක් ඇති වුනා.
එයා වෛර කලා.... එයාගෙ ජීවිතේට... එයා වටේ හිටපු අයට.

පුංචි කාලෙ ඉදලා නොදන්න රටක තනිවුනු ටේහ්‍යුන් හැමවෙලේම තනිවෙන්න උත්සාහා කලා. කිසිම කෙනෙක් එක්ක කතා කරන්න එයා කැමති වුනේ නෑ. සතුට.... ඒ දේ එයාගෙ ජීවිතේ තිබ්බද කියලවත් එයා දන්නෙ නෑ. පොඩි කාලෙ ඉදන්ම ටේහ්‍යුන් ජීවත් වුනේ එයාගෙ අප්පගෙ අවශ්‍යතා අනුව. අප්පට කැමති කොලේජ් වල ඉගෙන ගත්තා. අප්පා කැමති යුනිවසිටිවල අප්පට ඕන ඩිග්‍රීස් කලා. තමන් කැමති දේවල්.... ඒ දේවල් ටේහ්‍යුන්ටවත් අදුරගන්න පුලුවන් වුනේ නෑ.

ලොකු වෙනකොට ටේහ්‍යුන් පුරුදු වුනේ හැමදේම තනියම හිතේ තියාගන්න. ඒ නිසාම එයා හුගක් නිහඩ කෙනෙක් වුනා. පිටට පෙවුනෙත් නපුරු පෙනුමක්. හුග අය හිතුවේ ටේහ්‍යුන් අනාගතේදි නපුරු වගේම නියම බිස්නස්මන් කෙනෙක් වෙය් කියලා. එයා හිදට ඩිග්‍රීස් කම්ප්ලීට් කලා. හැම පාරම බැජ් ටොප්. ඒත්.... කවුරුත් දැනගෙන හිටියෙ නෑ ඒ නපුරු මූන ඇතුලේ ඉන්නේ අහිංසක තරුණ කොල්ලෙක් කියලා.

ටේහ්‍යුන්ට කෙනෙක්ව ඕනෙ වුනා. එයාගෙ හැම දුකක්ම කියලා ඇති තරම් අඩන්න කෙනෙක් ඕනෙ වුනා. දුක නිවෙනකම් තුරුල් වෙලා ඉන්න කෙනෙක් එයාට ඕනෙ වුනා. ඒත් එයා ගාව තිබ්බෙ ඔම්මගෙ පරන ගිටාර් එක විතරය්. ටේහ්‍යුන් හැමදාම ඒ ගිටාර් එක තුරුල් කරන් තනියම ඇඩුවා. පිටට සෑහෙන්න ශක්තිමත් කොල්ලෙක් වොදියට පෙන්නුවත් තමන්ගෙ කාමරේට ගිහින් දොර ලොක් කරගත්තම ටේහ්‍යුන් කියන්නෙ හුගක් දුර්වල කොල්ලෙක්.

අවුරුදු 20කට පස්සේ ටේහ්‍යුන් ආපහු කොරියාවට ආවා. එයාගෙ අප්පගෙ බලාපොරොත්තුව වුනේ ටේහ්‍යුන්ව එයාගෙ බිස්නස් යාලුවන්ට අදුන්වලා දීලා ෆීල්ඩ් එකේ එයාව ස්ථාවර කරන්න ඒත් ටේහ්‍යුන්.... එයා තාමත් බිස්නස්වලට වෛර කරනවා. අප්පගෙ හීනෙ ඒක නම් ඒක කවදාවත් ඉශ්ට නොවෙන්න වැඩ කරන්නය් ටේහ්‍යුන් හිතන් හිටියේ.

Hyung... (Completed ✔️)Where stories live. Discover now