Chapter 18

1.5K 356 146
                                    

ටේහ්‍යුන් සිහි නැතුව දවස් දෙකක් තාමත් හොස්පිට්ල් එකේ. ටේහ්‍යුන්ව හැම පැත්තෙන්ම බලාගත්තේ ජියෝන් පවුල. නම්ජුන් මිස්ටර් කිම්ටවත් එයාගෙ එක සගයෙක්ටවත් හොස්පිට්ල් එක පැත්ත පලාතෙ එන්න දුන්නෙ නෑ. ටේට සිහි නැති වුනු මුල්ම දවසෙ මිස්ටර් කිම් ටේව බලන්න හැදුවත් නම්ජුන් ඒකට ඉඩ නොදුන්නු නිසා එයා ටේවත් නොබලම ආපහු ගියා. ආයෙත් මිස්ටර් කිම් එයාගෙ පුතාට මොකද වුනේ කියලවත් හෙව්වෙ නැහැ.

ගෙවුණු දවස් දෙක පුරාවටම ජන්කුක් ටේහ්‍යුන් ගාවින් හෙල්ලුනේවත් නෑ. එක කදුලු බිංදුවක්වත් හෙලන්නෙ නැතුව ජන්කුක් ටේහ්‍යුන් ලගින්ම හිටියා. එයා ඇඩුවෙ නැහැ. ආයෙ කවදාවත් ටේහ්‍යුන්ව එයාගෙන් ඈතට යන්න නොදී පරිස්සම් කරගන්න ඕනෙ කියලා එයා එයාටම පොරොන්දු වුනා.

ජන්කුක් එයාගෙ අසනීඔඅ ගැන කිසිම තැකීමක් කලේ නැහැ. ටේහ්‍යුන්ගෙ සුදුමැලි වුනු මූන දකින දකින සැරයක් ජන්කුක්ට දැනුනෙ එයාගෙ පපුව පිච්චිලා යනවා වගේ. ජන්කුක්ට මතක් වුනේ ඉස්සර හිනාවෙද්දි පිම්බෙන රෝස පාට කම්මුල්... දිලිසෙන ඇස්... ඒ ලස්සනම ලස්සන හිනාවා.... ඒ හැමදේම දැන් නැති වෙලා ගිහින්. කන්ෆරන්ස් හෝල් එඔඒදි හම්බුනු ටේහ්‍යුන්ගෙ ඇස්වල වෙනද තිබ්බ දීප්තිය ඉතුරු වෙලා තිබ්බෙ නෑ කියලා ජන්කුක්ට දැක්කා. ජන්කුක්ට ලොකු දුකක් දැනුනා.

" ඔය මූනට මං ආපහු හිනාවක් ගේන්නම් හියුන්... මට ආසය් ඔයා ආපහු ඇස් පුංචි කරලා හිනා වෙනවා බලන්න... මං ආසය් ආපහු ඔයා මට රව රවා බය්නව බලන්න.... ආපහු මේ වගේ දෙයක් වෙන්න මං ඉඩ තියන්නෑ... ඒ නිසා ඉක්මනට ඇස් අරින්න හියුන්... ඔයාගෙ කුකී ඔයා එනක්න් බලාගෙන ඉන්නවා....."

ආදරෙන් ටේහ්‍යුන්ගෙ ඔලුව පිරිමැද්ද ජන්කුක් ටේට විවේක ගන්න ඉඩ දීලා හොස්පිට්ල් රූම් එකෙන් එලියට ඇවිත් දොර ගාව තිබුණු බෙන්ච් එකේ වාඩි වුනා. ජන්කුක් ලොකු හුස්මක් පිටකරමින් එයාගෙ අත් දෙක එකට ඇතිල්ලුවා.

" ඔයා නේද මිස්ටර් ටේහ්‍යුන්ව බලාගන්නෙ....?? "

ජන්කුක් එක පාරටම ඉද්ගෙන හිටපු තැනින් නැගිට්ටේ ටේහ්‍යුන්ග්ට බෙහෙත් කරන ඩොක්ටර් ඇවිත් කතා කරපු නිසා.

Hyung... (Completed ✔️)Where stories live. Discover now