Chapter 22

1.4K 348 146
                                    

" ජන්කුක්....."

උත්සවය ඉවර වුනාට පස්සෙ බැ ස්ටේජ් එකට වෙලා තමන්ගෙ බඩු පැක් කරගන්න ගමන් හිටපු ජන්කුක්ට කතා කතා කලේ පොඩ්ඩක් චකිතයෙන් වගේ. උත්සවේ අතරතුරේදි වුනු දේවල් නිසා ටේහ්‍යුන් හිටියේ හුගක් කැළඹිලා. එයාට දැනුනේ ජන්කුක් ඒ සිංදුව කිව්වේ එයා වෙනුවෙන් කියලය්. ඒ වෙලාවෙ තමන්ගෙ හිත වහගත්තු ඒ ක්ෂණික සිතුවිල්ල නිසා තමන්ට පෆෝම් කරන්න ලැබුනු අවස්තාව ටේහ්‍යුන් බයක් නැතුව පාවිච්චි කලා.

ජන්කුක් ගැන තමන්ගෙ හිතේ තිබ්බ හැගීම ටේහ්‍යුන් තේරුම් අරන් හුගක් කල්. වෙන කාටවත් වඩා ජන්කුක් තමන්ව තේරුම් ගත්තා වගේම තමන්ව වෙනස් කලා කියලා එයා හොඳින්ම දැනගෙන හිටියා. ටේහ්‍යුන් ඒ වෙනසට ආදරේ කලා. කිසිම සතුටක් ආසාවක් නැතුව ඉපදුනාට ජීවත් වෙනව වගේ ගෙව්ව එයාගෙ ජීවිතේ ලස්සන කලේ ජන්කුක්. ටේහ්‍යුන් ජන්කුක්ට ඒ දේ වෙනුවෙන් ස්තූතිවන්ත වුනා. තමන්ගෙ අදුරු ජීවිතේ ලස්සන කරන්න ආපු සුරදූතයා තමය් ජන්කුක්. ඉතින් තමන්ගෙ ජීවිතේ ඊටත් වඩා වටින වැදගත් කෙනෙක් ඉන්න පුලුවන්ද...?

අනාගතේ දවසක අපිට මහා ලොකු ලස්සන ආදරයක් දෙන්න පුලුවන් කෙනෙක් ඇවිත් අපේ ජීවිත ලස්සන කරය් කියන බලාපොරොත්තුව තමය් හැම හිතකම තියෙන්නෙ. හුග දෙනෙක් ජීවත් කරවන්නෙ ඒ අහිංසක බලාපොරොත්තුව. ඒත් ටේහ්‍යුන් ඒ තරම් අහිංසක බලාපොරොත්තුවක් වත් නැතුව ජීවත් වුනු කෙනෙක්. ජීවිතේ ගැන පුංචිම ආසාවක්වත් නැතුව හිටපු කෙනෙක්ගෙ ජීවිතේට එක පාරටම ආපු කෙනෙක් කවදාවත් නැතුව ඒ ජීවිතේ එළිය කරද්දි... ඒ කෙනා ගැන ලොකු ආදරයක් හිතේ ඇති වෙන එක නවත්තන්න පුලුවන් දෙයක්ද...?

ටේහ්‍යුන් හොඳින්ම දැනගෙන හිටියා එයාගෙ හැගීම් වැරදිය් කියලා. ජන්කුක් කියන්නේ එයාගෙ හොදම යාලුවගෙ මල්ලි..!!! ඒ කියන්නේ තමන්ගෙත් මල්ලි..!! ජියොන් පවුල තමන්ට දරුවෙක්ට වගේ සලකද්දි තමන් ජන්කුක් ගැන සහෝදරයෙක්ට එහා ගියපු හැගීමක් දක්වන එක කවදාවත් සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙමෙය් කියලය් ටේහ්‍යුන් දැක්කේ. තමන් ජන්කුක් ගැන කොහොම හිතුවත් ජන්කුක් එයා ගැන හිතන්නේ සහෝදරයෙක් විදියට කියන එකත් ටේහ්‍යුන් හොදින්ම දැනගෙන හිටියා.

Hyung... (Completed ✔️)Where stories live. Discover now