Chapter 02

2.2K 419 81
                                    

පුංචි ටේහ්‍යුන් මල්ලි බබා ආවට පස්සෙ කාලය ගත කලේ වෙනදට වඩා සතුටින්. ජූන් එක්ක තනියම සෙල්ලම් කරනවට වඩා කුකීවත් එයාලගෙ සෙල්ලම් වලට එකතු කරගන්න ටේහ්‍යුන් ආසා කලා. එයාට තමන්ගෙ පවුලෙන් නැතිවුනු ආදරේ නිතරම වගේ ජියොන් පවුලෙන් ලැබුනා.

ටේහ්‍යුන් හැමදාම නර්සරි ඇරිලා යන්නේ ජූන් එක්ක ජියෝන් හව්ස් එකට. ඇති වෙනකම් සෙල්ලම් කලාට පස්සෙ ටේහ්‍යුන් තමන්ගෙ හෝම් වර්ක් කරන්නෙත් ජූන් එක්කමය්. මිසිස් ජියෝන් නිතරම ටේහ්‍යුන්ට නොලැබුණු ආදරේ දෙන්න උත්සාහා කලා. රෑ වෙනකම්ම ජියෝන් හව්ස් එකේ ඉදලා තමය් ටේහ්‍යුන් කිම් හව්ස් එකට යන්නේ. ඒත් හුඅ දවස්වලට ටේහ්‍යුන් ගෙදර යනකොටත් එයාගෙ අප්පා ගෙදර හිටියේ නෑ. රෑ වෙනකම්ම ඔෆිස් එකේ බිස්නස් වැඩ කරන මිස්ටර් කිම් පුංචි ටේහ්‍යුන් උදේට නැගිටින්නත් කලින්ම ගෙදරින් යනවා. මේ දේවල් නිසා වුනේ ටේහ්‍යුන් එයාගෙ ඔම්මගෙ මතකවලට තවත් ලංවුනු එකය් අප්පව එයාගෙ ජීවිතෙන් ඈත් කරපු එකය් විතරය්.

" ජූනී......"

පුංචි ටේහ්‍යුන් හැමදාමත් වගේ නර්සරි ගියේ ජූන්ගෙ නම කියාගෙන. නර්සරි එකේදි එයාට කතා කරන්න අවසර හිමිවෙලා තිබ්බෙ ජූන් එක්ක විතරය්.

" ටේ ටේ.... අප්පා කැමති වුනා නේ අද රෑ අපේ ගෙදර නවතින්න...? "

ජූන් ඇහුවෙ ලොකු උද්‍යෝගෙකින්. පුංචි ජන්කුක්ගෙ අවුරුද්දෙ උපන් දිනේ සමරන්න ජියොන් පවුල පුංචි සාදයක් ලෑස්ති කරලය් තිබ්බෙ. හැබැය් ඒකට සහභාගි වුනේ පවුලෙ අය විතරය්. ජියෝන් පවුල ඒ සාදයට ටේහ්‍යුන්ග්ටත් ආරාධනා කලා.

"ඔව් ජුනී.... ඩ්‍රය්වර් අන්කල් අප්පට කිව්වම අප්පා කමක් නෑ කිව්වලු. මට අද දවසම ඔයය් කුකිය් එක්ක ඉන්න පුලුවන්..."

ටේහ්‍යුන් කතා කලේ හිනාවෙන හුරතල් මූනකින්. තමන්ගෙ ගෙදර තනියම පාලුවෙ ජීවත් වෙනවට වඩා ජූන් කුකී දෙන්නත් එක්ක සෙල්ලම් කරමින් විනෝද වෙන්න එයා හුගක් ආස කලා.

ජියෝන් පවුල නය්ට් පාටි එකකුය් ඕගනය්ස් කරලා තිබ්බෙ. මිස්ටර් අන්ඩ් මිසිස් ජියොන්, ජූන් , කුකී සහ ටේහ්‍යුන්... මේ පස් දෙනා තමය් මේ පාරි එකට සම්බන්ද වුනු සාමාජිකයො වුනේ.

Hyung... (Completed ✔️)حيث تعيش القصص. اكتشف الآن