Chapter 23

1.5K 346 187
                                    

ජන්කුක් තාමත් ඉහලට ගත්තු හුස්මත් පල්ලෙහාට දාන්න අමතක වෙලා වගේ බලාගෙන ඉන්නවා. ටේහ්‍යුන් ජන්කුක්ගෙ උනුහුමට තුරුල් වෙලා හිටියෙ පොඩි එකෙක් වගේ. ඒත් ඒ ඇස්වල පුංචි කදුලු බිංදු දෙකක් තිබ්බා. ඒ වෙලාවෙ හිතට කියාගන්න බැරි හැගීම් ගොඩක් දැනුනත් ඒ හැමදේම තව පොඩි වෙලාවකින් ඉවර වෙනව නේද කියලා මතක් වෙද්දි ටේහ්‍යුන්ට දැනුනෙ කියාගන්න බැරි දුකක්. කාලය ගත වෙන්නෙ නැතුව මේ මොහොත නතර කරලා තියාගන්න පුලුවන් නම්..... ටේහ්‍යුන් අනිවාරෙන්ම ඒක කරනවා. මොකද ඉස්සරහට වෙන දේ එයාගෙ හිත දුක් වෙන දෙයක් කියලා එයා හොදටම දන්නවා.

" මුකුත්ම කියන්නෙ නැතුව අන්තිම පාරට මං කියන දේ විතරක් අහන් ඉන්න ජන්කුක්......"

තවත් ටිකක් හොදින් ජන්කුක්ට ටේහ්‍යුන් තුරුල් වුනේ ජන්කුක් ආවින් ආපු සුවද තව ටිකක් හොදින් විදිමින්. ටේහ්‍යුන්ට ඉස්සරහට වෙන දේ ගැන බය හිතුනත් එයාට පසු තැවීමක් තිබුනෙ නැහැ. ජන්කුක් එයා එක්ක හිනා වෙන හැම වෙලාවකම එයත් එක්කම හිනාවෙලා තමන්ගෙ තුරුලට අරන් හුරතල් කරන්න ටේහ්‍යුන්ට ඕනෙ වුනා. ඒත් ඒ දේ වැරදිය් කියලා හිත කෑ ගහද්දි එයා එයාගෙ හැගීම් පාලනය කරගත්තා. තවත් එයාට එහෙම ඉන්න බෑ. ජීවිතේ එක පාරක් හරි ජන්කුක්ගෙ උනුහුමට තුරුල් වෙලා ආදරෙය් කියන්න ටේහ්‍යුන්ට ඕනෙ වුනා. අද එයා ඒක කරනවා. එතනින් එහාට මොනව වුනත් එයා ඒ ගැන තැකීමක් කලේ නෑ.

" ඔයා හොදටම දන්නවා මං මේ ලෝකෙ කෙනෙක්ට ආදරේ කලා නම් ඒ මගෙ ඔම්ම විතරය් කියලා. ඒත් ඔම්ම නැතිවුනාම මට දැනුනෙ ආදරේ කියන්නෙ නරක දෙයක් කියලා. අප්පාට මම කොච්චර ආදරේ කලත් එයා මට ආදරේ කලේ නැහැ. මට හිතුනෙ ආදරේ කියන්නෙ දුකක් කියලා විතරය්. මං ඒ හැගීමට හුගක් වෛර කලා. තමන් හොයන ආදරේ නොලැබෙන තරමට කෙනෙක් ආදරේ කියන වචනෙටත් වෛර කරනවා. මාත් ඒ වගේ...."

" ඒත් ඔයාගෙ හියුන්... ඔම්මා.... අප්පා... එයාල මට හුගක් ආදරෙන් සැලකුවා. මාව බලාගත්තා. මං එයාලට ආදරේ කලා. මගෙ පවුල විදියට මං පිලිගත්තෙ එයාලව. ඒත් මට එයාලගෙනුත් ඈත් වෙන්න වුනා.... ආදරේ කියන්නෙ ඒ තරම්ම වැරදි දෙයක්ද....?? ලෝකෙ මිනිස්සු ඕනෙ තරම් ආදරේ විද්දිද්දි මට අඩුම තරමෙ ඒ හැගීම හොදින් විදින්නවත් ලැබුනෙ නෑ. ඉතින් මං හැමදේම හිත ඇතුලෙම හංග ගත්තා. ආදරේ.... සතුට.... ඒ දේවල් මගෙ ජීවිතේ තිබ්බෙ නැහැ...."

Hyung... (Completed ✔️)Where stories live. Discover now