Chapter 31

1.4K 328 197
                                    

අනික් අයට කාලය ඉක්මනට ගත වෙනව වගේ දැනුනත් ටේහ්‍යුන්ටය් ජන්කුක්‍ටය් ගතවුනු අවුරුදු දෙකක කාලය දැනුනෙ කල්පයක් වගේ. ටේහ්‍යුන් බුසාන් ඇවිත් අදට අවුරුදු දෙකක් වෙනවා. ජන්කුක්ව අන්තිමටම හම්බවුනු දවසෙ ඉදන් ටේහ්‍යුන් අද වෙනකම් ජීවත් වුනේ කියාගන්න බැරි පාළුවක් වගේම දුකක් හිතේ හිර කරගෙන. ඒත් එයා ඒ හැම දෙයක්ම දරාගත්තා ජන්කුක්ගෙ අධ්‍යාපනය වෙනුවෙන්.

පාක් එකේ කතා කර කර ඉදලා එන අතරතුරදි ටේහ්‍යුන් කාර් එකක හැප්පුනේ ජන්කුක්ව බේරගන්න ගිහින්. තමන්ට එහා පැත්තෙන් හිටපු ජන්කුක්ගෙ ඇගට වාහනය කපන්න යද්දිම ටේහ්‍යුන් ජන්කුක්ව පාරෙන් අය්න් කලේ නැත්ටම් ජන්කුක්ගෙ ජීවිතේ වුනත් නැති වෙන්න තිබ්බා. වාහනය එලවපු කෙනා ටේහ්‍යුන් ඉලක්ක කලේ නැති නිසාත් ටේහ්‍යුන්ව බේරන්න උත්සාහා කරපු නිසත් ටේහ්‍යුන්ට දරුනු නොවුනත් සැලකිය යුතු විදියට තුවාල වෙලා තිබ්බා. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ටේහ්‍යුන් මාස තුනක් විතරම ඇදේ හිටියා.

ටේහ්‍යුන් ජන්කුක්ව බේරුවත් තල්ලු කරද්දි ඔලුව වැදුන නිසා එයත් දවස් කීපයක් සිහිය නැතුව හිටියා. ඒත් හැමදේම සාමාන්‍ය තත්තවය හැරුනේ ඒ දෙන්නා කාටවත් වැරැද්දක් කරලා නොතිබුණ නිසා වෙන්නැති.

ඒ දවසෙම වගේ සෝල් යුනිවසිටි මැනේජ්මන්ට් එකෙන් ටේහ්‍යුන්ව බුසාන් යුනිවසිටි එකට ට්‍රාන්සර් කරලා තිබ්බා. මැනේජ්මන්ට් එකෙන් ටේහ්‍යුන්ගෙය් ජන්කුක්ගෙ අෆෙයා එක ගැන තිබ්බ හැම දෙයක්ම වගේ සම්පූර්නයෙන්ම අය්න් කලා වගේම මුලු යුනි එකටම ඒ දෙන්න අතර කිසිම සම්බන්දයක් නෑ කියලා ඒත්තු ගැන්නුවා. ටික කාලයක් යද්දි ටේහ්‍යුන් ජන්කුක් එකට නොහිටය නිසාත් ජන්කුක් කිසිම වෙනස නොපෙන්නුව නිසත් හැමෝටම ඒක අමතක වෙලා ගියේ ටේහ්‍යුන්ගෙය් ජන්කුක්ගෙ කැප කිරීම සාර්ථක කරමින්.

මැනේජ්මන්ට් එක වගෙය් ම පොලීසියත් එකතු වෙලා දිගින් දිගටම හෙව්වෙ ටේහ්‍යුන්ගෙය් ජන්කුක්ගෙ ෆොටෝස් වෙබ් සය්ට් එකට දාප් කෙනාවය් ටේහ්‍යුන්ව ඇක්සිඩන්ට් කරපු කෙනාවය්. ටේහ්‍යුන් ඇක්සිඩන්ට් වෙලා දවස් දෙකකට පස්සේ මිස් සේහිම ඇවිත් පොලීසියට භාර වුනේ හැම වැරැද්දක්ම පිළිගනිමින්.

Hyung... (Completed ✔️)Where stories live. Discover now