Chapter 15

1.5K 356 120
                                    

සිහිය එනවත් එක්කම ජන්කුක් ඔලුව බදාගත්තේ ඔලුව පිටිපස්සෙන් ආපු වේදනාව නිසා. ටේහ්‍යුන්ව මිස්ටර් කිම්ගෙ මිනිස්සු අල්ලන් ඉද්දි වේදනාත්මක පහරම් තමන්ගෙ ඔලුවට වැදුන කියලය් එයාට මතක තිබ්බේ.

" ආය්ශ්..... ඔලුව පුපුරලම මං මැරිලා යය්..."

ඔලුව අල්ලන් වේදනාව දරාගන්න උත්සාහ කරපු ජන්කුක් තමන්ටම කියාගත්තා. එයා වටපිට බැලුවෙ තමන් ඉන්නෙ කොහෙද...? වෙලාව කීයද...
? මොකද වෙලා තියෙන්නෙ...? වගේ එයාගෙ හිතට නොකඩවා ආපු ප්‍රශ්න වැලට උත්තර හොයන්න.

වටපිට බැලුවම තිබ්බ සුදු පාට පසුබිමත් එක්ක එයා ඉන්නෙ හොස්පිට්ල් රූම් එකක කියලා අදුරගන්න ජන්කුක්ට වැඩි වෙලාවක් ගියෙ නෑ. ඒත් ඇත්තටම මොකද වුනේ....?? ජන්කුක් ඔලුව අතගාමින් වුනු දේවල් මතක් කරන්න ගත්තා.

" දෙය්යනේ හියුන්....!!! එයාට මොනව වුනාද දන්නෑ...."

එක පාරටම තමන්ගෙ මතකෙට ටේහ්‍යුන් ආපු නිසා කලබල වුනු ජන්කුක් ඉක්මනට ඇදෙන් බැස්සෙ ටේහ්‍යුන්ව හොයන් යන්න කියලා හිතාගෙන.

" දගලන්න එපා අපිට ඔයාව චෙක් කරන්න ඕනේ.... "

ඇදෙන් බහිනවත් එක්කම කාමරේට ආපු ඩොක්ටර් කෙනෙක් ජන්කුක් දිහා සැර බැල්මක් හෙළුවේ හෙල්ලෙන්නවත් එපා කියන්න වගේ. අමාරුවෙන් සන්සුන් වුනු ජන්කුක් ඩොක්ටර් එයාගෙ වැඩ ටික ඉවර වෙනකන් කලබල නොකර හිටියා.

" හරි ඔයාට ලොකු ප්‍රශ්නයක් නෑ. ඔයාගෙ වාසනාවට ඔලුව පැලිලා විතරය් තියෙන්නෙ බෙල්ල පිටිපස්සට වැදුන නම් එහෙම ජීවිතේ ගැනත් බලාපොරොත්තුවක් තියාගන්න බැරි වෙනවා...."

ජන්කුක් දිහා පුංචි හිනාවක් හෙලපු ඩොක්ටර් කියාගෙන ගියා. ඒත් ජන්කුක් ඒ කිසිම දෙයක් අහන් හිටියෙ අවධානෙන් නෙමේ. එයාගෙ හිතේ මේ වෙලාවෙ සම්පූර්ණයෙන් ම හිටියෙ ටේහ්‍යුන් විතරය්.

" ඩො....ඩොක්ටර්, මට කියන්න පුලුවන්ද මං කොහොමද මෙහාට ආවේ කියලා...මට ඒ ගැන මුකුත් මතකයක් නෑ...."

ඩොක්ටර් කිව්ව කිසිම දෙයක් කනකටවත් නොගත්ත ජන්කුක් කලබලෙන් අහගෙන ගියා. ඒක ඇහුනු ඩොක්ටර් නම් ජන්කුක් දිහා බලාගෙන හිටියේ කල්පනාකාරී බැල්මකින්.

Hyung... (Completed ✔️)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ