සුදු කටරොලු ..01

4.2K 355 24
                                    

සුදු කටරොලු ....01

"සහස්...සහස්....."

මේ ලමයට මොනව වෙලාද මන්ද ඇත්තමයි මේ හොදට ඉන්නව ඊලග
මොහොතෙ වෙන ලෝකෙක.....''

සහස් ආපහු මේ ලෝකෙට ආවේ කලු ලෑල්ල ලගට වෙලා කෑගහන ටීචගෙ සද්දෙ නිසා.

" කන් ඇහෙන්නෙ නැද්ද ළමයො මම ඔයාට තමයි කතා කලේ...." සහස් ගැස්සිලා පුටුවෙන් නැගිට්ට

.... " සොරි ටීච මොනවහරි කිව්වද මට ඇහුනෙ නැහැ..."

සහස් මීස් දිහා බලන් ගමන් ඇහුව....

" කොහේ ඇහෙන්නද වෙන ලෝකෙකනෙ හිටියෙ.........මන් ඇහුවේ. මේ ගාණ හදන්න පුලුවන්ද කියල "
.. මිස් බැලැක් බෝඩ් එක් දිහාට අත දික් කරන ගමන් ඇහුව....

සහස් හිමින් සැරේ බෝඩ් එක ලගට ගියෙ පන්තියෙ වට පිට බලන ගමන් පන්තියෙ ඉන්න යාලුවන්ගෙන් ටික දෙනෙක් ඔලු වල අත තියාගෙන ගාණ හදන්න ලොකු උත්සහයක අනික් සෙට් එක ගාණ පැත්තක තියල වෙන වෙන වැඩ. හැබයි සහස් ඉස්සරහට යද්දි ඔක්කොම කට්ටිය වැඩ නවත්තල සහස් දිහා බලන් හිටියෙ හරියට සහස් උගන්නන් හදනව වගේ කොහොම වෙතත් සහස්ගේ සිහිය නම් තිබ්බෙ ගාන ගැන .

ගුරු මේසෙ උඩ තිබ්බ හුනු කෑල්ලක් අරගෙන ගාන හාදද්දි එයාගෙ මූණ බලන්න ලස්සනයි.

පුංචි කාලෙ ඉදල් තියන පුරුද්දක් නිසාද මන්ද සහස් ටිකක් අමාරු වැඩක් කරද්දි දිව හපාගෙන තමයි වැඩ කරන්නෙ දකින මිනිස්සුන්ට නම් හිනා ඒක දැක්කහම. සහස් ගාන හදන දිහා මීස් බලන් හිටියෙ හරිම උනන්දුවෙන් ...

" කොල්ල හීන බලා බලා හිටියාට ඒයා එක්ක අනික් අයට හැරෙන්නවත් බැහැ..."
ආන හදාන සහස් දිහා බලන් ඉන්න මිස්ගෙ හිත කිව්වේ එහෙම කතාවක්.

"සහස් දෙනුවන් වික්රමසිංහ "ඒක තමයි සහස්ගෙ අම්මයි අප්පච්චියි අලුත ඉපදුන පුංවි සහස්ට තියපු නම. ඒ දවස වික්‍රරමසිංහ පවුලට ගොඩක් විශේෂ දවසක්. අක්කල දෙන්නයි , අයියාල දෙන්නයි එයාලගෙ පුංචි මල්ලියව 
ගෙදරට එක්ක එනකම් ගොඩක ආසාවෙන් තමයි බලන් ඉදියේ
. " අයියෝ අම්මෙ එයා ගොඩක් පොඩියිනෙ මම කොහොමද එයා එක්ක බෝල ගහන්නෙ..."

සුදූ කටරොලු...Where stories live. Discover now