සුදු කටරොලු 16

784 145 16
                                    

සුදු කටරොළු ....16

එකපාරටම ඇහුනු කටහඩ නිසා සහස් ටිකක් ගැස්සිලා වගේ අනික් පැත්ත  හැරිල බැලුවෙ කව්ද කියල...

ක්‍රීම් පාට ජර්සිය ඇදන් අයිස් කැප් එකකුත් දාගෙන අතේ කෝප්ප දෙකක් තියාගෙන සචින් සහස්ගෙ පිටිපස්සෙන් ඉදන් බලන් හිටියෙ එක කෝප්පයක් සහස් දිහාට දික් කරන ගමන්..

" හ්ම්ම්ම්... ඔව් ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැහැ..."
සහස් එයාගෙ පැත්තට දික් කරන් හිටපු කෝප්පෙ අතට ගන්න ගමන් කිව්ව..

කෝප්පෙ තිබ්බෙ උනු කෝපි එකක්  එවෙලෙ හදපු කෝපි එකෙන් බඩගිනි ඇවිස්සෙන විදිහෙ සුවදක් තමයි ආවෙ..
පරිසරේ තිබ්බ සීතලත් එක්ක කෝපි එකේ රස්නෙ ලොකුවට දැනුනෙ නැහැ...
සචින් එතනම තිබ්බ  බෙන්ච් එකෙන් වාඩි උනේ කතා කරන ගමන්...

"හැමෝම කෝපි බොනව ඇතුලට වෙලා..
මන්  ඔයාව බැලුව  කවී කිව්ව එලියට ගියා කියල ඉතින් මන් එලියට ආව බලන්න එද්දි කට්ටිය කෝපි බොනව ඉතින් මන් කෝපි කෝප්පදෙකක් අරන් ආව... "

සචින්ගෙ කතාව අහන ගමන් සහසුත් සචින් ලගින්ම වාඩි උනා...
වාඩි වෙලා කෝපි උගුරක් බිව්ව..නැවුම් කෝපි වලින් පිරිච්ච ඒ කෝපි උගුරෙන් සහස්ගෙ මුලු ඇගම උනුහුමෙන් පිරිල ගියා වගේ සහස්ට දැනුන..

" කාබරේට වෙල ඉන්න බැහැනෙ ඉතින් මන් එලියට ආව..."

සහස් තව කෝපි උගුරක් බොන ගමන් කිව්ව ...

" කවීනම් අද දොට්ට බහින්නෙ නැහැ..."
සචින් හිනාවෙවී කිව්ව...
" එද්දි චන්ඩිය වගේ ආවට දැන් හීතෙලේ ගැහෙනව..."
දෙන්න එක්ක කවීගෙ විකාර කියව කියව හිනාවුනා...
පරිසරේ තිබ්බ හීතලත් එක්ක සහස් සචින්ගෙ ලගට තව ටිකක් ලන් වුනේ සීතල නිසා.. සචිනුත් ඒක කරනකම් බලන් හිටිය වගේ තව ටිකක් සහස්ගෙ ලගට ලන් උනා...
දෙන්න එක්ක එතනට වෙලා වටපිට තිබ්බ ලස්සන බල බල කතා කර කර  ඉදිය  .....
වට පිටාවෙ ටික ටික මීදුමෙන් වැහෙන්න පටන් අරගන්න ගත්තෙ හවස් වේගෙන එන නිසා..
සහස් ඒක නිසා සචින් එක්ක ඇතුලට ආවෙ සීතල ටික ටික වැඩෙවෙන නිසා...
..............................................................

රෑ කෑමට කට්ටියම රූම් වලින් එලියට ආව.. කවීනම් ආවෙ ගැහි ගැහි... චන්ඩියගෙ කට ටිකක් අඩු වෙලා දැන් නම්..
රෑට කන්න හදලා තිබ්බෙ නූඩ්ලස් ...
එල්වලු දාල ෆ්‍රයි කරපු නූඩ්ලස් එක්ක පරිප්පු හොදි හොදට මැච් වෙනව කියල හැමෝටම හිතුන
වටපිටාවේ තිබ්බ හීතලත් එක්ක බඩගින්න සෑහෙන්න වැඩියි කියල සහස්ට දැනුන. කෑම හදල වැඩි වෙලාවක් තියාගන්න පුලුවන් කමක් තිබ්බෙ නැහ සීතල නිසා.. ඒක නිසා කට්ටිය ඉක්මනට කෑව..
සහස් බඩ දිග ඇරෙනකම්ම කෑව.. ඒ කෑම වල පුදුම රසයක් තියනව කියල සහස්ට දැනුන...
අනෙක් අය කාපු විදිහට ඒ අයත් හිතන්නෙ සහස් හිතපු විදිහටමයි කියල හිතාගන්න සහස්ට අමාරු උනේ නැහැ ...

සුදූ කටරොලු...Where stories live. Discover now